කරදමුංගු

කරදමුංගු / එනසාල්

Elettaria cardamom
කුලය : Zingiberaceae

ඉතිහාසය

“කුළුබඩු රැජින” ලෙස හැඳින්වෙන කරදමුංගු, ව්‍යාජ කඳක් හා ඝණ අක්‍රමවත් හැඩැති රෛසෝමයන්ගෙන් යුත් බහු වාර්ෂික ශාකයකි. දකුණු ඉන්දියාවේ බටහිර ගාට්ස් ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව කරදමුංගු වැවේ. බොහෝ ඓතිහාසික ග්‍රන්ථවල කරදමුංගු රසකාරක සහ ඖෂධීය බෝගයක් ලෙස සඳහන් කරයි. ක්‍රි.ව. 2 වන සියවසෙහි ලියා ඇති චරක සංහිතා නම් වෛද්‍ය සාරසංග්‍රහයේ එය සමහර ඖෂධ පිළියෙල කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස සඳහන් කරයි. ක්‍රි.පූ. 4 වන සියවසේ ලියවී ඇති දේශපාලනය ග්‍රන්ථයක් වන කෞටිලයාගේ අර්ථ ශාස්ත‍්‍රය නමින් හැඳින්වෙන සංස්කෘත ග්‍රන්ථයෙහි කරදමුංගු උත්සව අවස්ථාවන්හිදී පූජා කිරීම සඳහා භාවිතා කල බව සඳහන් වේ.

ඉන්දියාවේ 11 වන සියවසේ මොනාසොල්ලාසා යන ග්‍රන්ථයෙහි සුවඳ වර්ග පහකින් සමන්විත බුලත් විට (පංචසුගන්ධ-තම්බුල) සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලැයිස්තුවට කරදමුංගු ඇතුලත් වී ඇත.

ක්‍රි.ව.1500 පමණ මාඬු හි සුල්තාන්වරයාගේ මාලිගයආහාර වට්ටෝරුවලට ද කරදමුංගු ඇතුලත් කර ඇත.

කරදමුංගු ජාත්‍යන්තර වෙළඳපොලලේ භාණ්ඩයක් ලෙස හඳුන්වා දෙනු ලබන්නේ අරාබි වෙළඳුන් විසින් වන අතර, පෘතුගීසි දේශාටක බාබසාට අනුව, 1524 වර්ෂය වන විට කරදමුංගු ජාත්‍යන්තර වෙළදාම මනා ලෙස දියුණු වී තිබුණි. ලින්ස්චොටන් සිය ඉන්දියානු සංචාරක දිනපොතෙහි (1596) දකුණු ඉන්දියාවේ භාවිතා කරන ලද කරදමුංගු ප්‍රභේද දෙකක් විස්තර කරයි (වොට්, 1872).

නිෂ්පාදන සහ ප්‍රයෝජන

වෙළඳපොලෙහි වෙළඳ භාණ්ඩයක් වන්නේ වියළි ඵලය හෝ කරදමුංගු කරලයි. කරදමුංගු සම්පූර්ණ කරදමුංගු කරල, කරදමුංගු ඇට සහ කරදමුංගු කුඩු ආකාරයෙන් වෙළඳපොලෙහි දැකගත හැකිය. තෙල් හා ඔලියෙරොසින් නිස්සාරණය කිරීමේදී ද එය භාවිතා වේ. ව්‍යංජන, මස්, රසකැවිලි, බේකරි නිෂ්පාදන සදහා රසකාරකයක් ලෙස සහ තුන පහ කුඩු මිශ්‍රණය (මසාලා) සඳහා අවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස කරදමුංගු ආහාර නිෂ්පාදනයේ දී භාවිතා කරයි. කෝපි සහ තේ වැනි බීම රස ගැන්වීම සඳහා කරදමුංගු තෙල් යොදා ගනී.

ප්‍රබල සුවඳවත් කිරීමේ ද්‍රව්‍යයක් ලෙස, උත්තේජකයක් ලෙස, වාත නාශක ඖෂධයක් ලෙස, ආමාශයික රෝග සඳහා ඖෂධයක් ලෙස සහ මූත්‍ර වර්ධකයක් ලෙස එය ආයුර්වේද හා චීන වෛද්‍ය විද්‍යාවේ ලෙස භාවිතා කරයි.

ප්‍රධාන වශයෙන් වගාකරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ මීටර් 600 උසින් පිහිටි මධ්‍යම කඳුකර ප්‍රදේයන් හි කරදමුංගු දැකිය හැක. ශ්‍රී ලංකාවේ උඩරට තෙත් සහ අතරමැදි ප්‍රෙද්ශයන් හි කෘෂි පාරිසරික කලාපවල දක්නට ලැබේ. මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑලිය, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කොටසක් ප්‍රධාන වශයෙන් වගාකරන දිස්ත්‍රික්ක වේ.

ප්‍රභේද

කරදමුංගු ප්‍රභේද තුනක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර ඒවා පුෂ්ප මංජරියේ හැඩය අනුව වර්ගීකරණය කර ඇත.

  • මලබාර් – පුෂ්ප මංජරිය බිම්බෑවූ ස්වභාවයෙන් යුක්තය.
  • මයිසූර් – පුෂ්ප මංජරිය සිරස් ව ඇත.
  • වසුක්ක- පුෂ්ප මංජරිය නැමුණු ස්වභාවයෙන් යුක්ත වේ.
මලබාර් මයිසූර් වසුකා
වගා කිරීමේ උන්නතාංශයමීටර් 600-900මීටර් 900-1350මීටර් 800-1300
ඉතිබිම්බෑවූ ස්වභාවයෙන් යුක්තයසෘජුමදක් සෘජු
කරලරවුම් හැඩයෙන් යුක්තයදිගටි හැඩයෙන් යුක්තය දිගටි හැඩයෙන් යුක්තය
පත්‍රෙයහි යටපැත්තසිනිදු ස්වභාවයෙන් යුක්තයගොරෝසු ස්වභාවයෙන් යුක්තය ගොරෝසු ස්වභාවයෙන් යුක්තය
උසමීටර් 2.5 -3.0 මීටර් 3.5- 4.5 මීටර් 3.5-4.5

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

හොඳ කාබනික ද්‍රව්‍ය  වැස්මක් සහිත (> 5%) කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වූ හොඳින් ජලය බැස යන ගැඹුරු ලෝම හා ලෝම මැටි පස් වඩාත් සුදුසුය. ජලය රැඳෙන හෝ ඛාදනය වූ පස් සුදුසු නොවේ. පාංශු pH අගය 4.5 සිට 6.0 දක්වා විය යුතුය.

දේශගුණය

උන්නතාංශය – 600M ට වැඩි විය යුතුය. උඩරට හා මැද රටෙහි කඳුකර ප්‍රදේශ වල තෙත් කලාප වඩාත් යෝග්‍ය වේ.

වර්ෂාපතනය

වාර්ෂිකව මිලි මීටර් 1500 ත් 2500 ත් අතර හොඳින් ව්‍යාප්තවූ වර්ෂාපතනය
කරදමුංගු සඳහා 60% කට ආසන්න සෙවන අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින් එය ස්වාභාවික වනාන්තර ආවරණය යටතේ බහුලව වගා කෙරේ.

උෂ්ණත්වය – 10-25 0C උෂ්ණත්වය වඩාත් සුදුසු වේ

බෝග ස්ථාපිත කිරීම

රෝපණ ද්‍රව්‍ය

කරදමුංගු මොරෙයියන් හා බීජ පැල මගින් ව්‍යාප්ත කළ හැකිය. නමුත් බහුලව භාවිතා වන්නේ මොරෙයියන් මගින් ප්‍රචාරණයයි. සෙන්ටිමීටර 6-10 ක් දිග රයිසෝම සහිත සෙන්ටිමීටර 6-10 ක් දිගින් යුත් මොරෙයියන් භාවිතා කරන අතර දිලීර රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා රෝපණය කිරීමට පෙර ඒවා තඹ මිශ්‍ර දිලීර නාශකයක ගිල්වා තැබිය යුතුය.

ක්ෂේත්‍රයේ සිටුවීම

පරතරය
1. සමතලා ඉඩම් – 2.0x 2.5m
2. බෑවුම් සහිත ඉඩම් – මීටර් 1.25 x 2.5 (පේළි අතර)

වගා ලක්ෂ්‍යයන් – හෙක්ටයාරයට 2000 යි

පැළ සිටුවීමට ගන්නා වළක ප්‍රමාණය සෙන්ටිමීටර 60 x 60cm x 45 විය යුතු අතර, වලවල් කොම්පෝස්ට් හා මතුපිට පස් මිශ්‍රණයෙන් පිරවිය යුතුය. සෑම වළකටම රොක් පොස්පේට් ග්‍රෑම් 100 බැගින් එක් කළ යුතුය. බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර 5 ක් පමණ පහතින්මොරෙයියන් සිටුවිය යුතුය.

බෝග කළමනාකරණය

පොහොර යෙදීම
නිර්දේශිත මිශ්‍රණය – පැල 2000 / ha ඝණත්වයේ හෙක්ටයාරයක ඉඩමකට වසරකට කි.ග්‍රෑ. 715 කි

මිශ්‍රණයේ තිබිය යුතු සංඝටකබර අනුව කොටස්මිශ්‍රණයේ ඇති පෝෂක
යූරියා (46% එන්)416% එන්
පාෂාණ පොස්පේට් (28% P2O5)410% P2O5
මියුරියට් ඔෆ් පොටෑෂ් (60% K2O)210% P2O5
කීසරයිට් (24% MgO)12% MgO
වගා කිරීමේ වයස වයස මහා කන්නය (මිශ්‍රණය කි.ග්‍රෑ / හෙක්.) යල කන්නය (මිශ්‍රණය කි.ග්‍රෑ. / හෙක්.)
1 වන වසර100100
2 වන වසර200200
මියුරි3 වන වසර සහ ඊට පසුයට් ඔෆ් පොටෑෂ් (60% K2O)350350

පාංශු තෙතමනය සංරක්ෂණය

විශේෂයෙන් බෑවුම්වලදී, සුදුසු හෙල් මළු ක්‍රම මගින් පාංශු ඛාදනය වැළැක්වීම සඳහා අවධානය යොමු කළ යුතුය.

ජල සම්පාදනය

වියළි කාලවලදී අතිරේක ජල සම්පාදනය මඟින් අස්වැන්න සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකිය.

වල් නෙලීම

විසිකැති ගැසීම නිර්දේශ කෙරේ. නිෂ්පාදන චක්‍රය අවසන් කර ඇති ව්‍යාජ කඳන් සෙන්ටිමීටර 50 පමණ ඉහලින් කපා දැමිය යුතු අතර එම දණ්ඩ කැපූ ස්ථානයෙන් නැමීමට ලක්කළ යුතුය.

සෙවන පාලනය

මහ කන්නයේ වැසි ආරම්භ වීමට පෙර ගස් කප්පාදු කර සෙවන පාලනය කිරීම මගින් වැඩිපුර හිරු එළිය ලැබීමට සැලැස්වීම අත්‍යවශ්‍ය කරුණකි.

බෝග ආරක්ෂණ

පළිබෝධකයන්

අංකුර සහ කරල් ගුල්ලා

කොළ කොපුවල තැන්පත් කරන ලද බිත්තර වලින් මතු වන කීටයන් ව්‍යාජ කඳේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගන්නා අතර එමඟින් කඳේ මධ්‍යය වියළී යයි. එය මළ හෘද රෝග ලක්ෂණය ලෙස හැඳින්වේ. නොමේරූ ඵල වලටද මොවුන් ආක්‍රමණය වීමෙන් හිස් කරල් ඇති විය හැක. කීටයන්ගේ  මළ අපද්‍රව්‍ය කඳේ සිදුරු හරහා පිටතට පැමිණේ.

පාලනය
කඳ තුල ජීවත්වන කීටයන් විනාශ කිරීම සඳහා ආසාදිත කඳන් කපා විනාශ කළ යුතුය.

රසායනික පාලනය-
 
1. ලෙබයිසිඩ් 40 ඊසී – සති 2 කට වරක් මිලි ලීටර් 25 ක් ජලය ලීටර් 10 ක් තුළ දියකර ඉසින්න
2. සෙවින් (කාබරිල්) – සති 2 කට වරක් මිලි ලීටර් 25 ක් ජලය ලීටර් 10 ක් තුළ දියකර ඉසින්න
3. ඇටබ්‍රෝන් 5 EC  – මිලි ලීටර් 12 ක් ජලය ලීටර් 10 ක් තුළ දියකර ඉසින්න

රෝග

පඳුරු කුණුවීම

පත්‍ර කහ වීම සහ නොමේරූ ව්‍යාජ කඳ මියයාම දෘශ්‍යමාන රෝග ලක්ෂණ වේ. රයිසෝම සහ අංකුර මූලය දුඹුරු පැහැයට හැරෙන අතර කුණු වන ස්වභාවයක් පෙන්නුම් කරයි. සහිතව බලපෑමට ලක් වූ මුල් ආසාධිත අංකුර ඉතා පහසුවෙන් කැඩී යන අතර,  සුළු නැමීමකින් පහසුවෙන් කැඩී යයි.

– පඳුර මුල සෑම විටම පිරිසිදුව තබා ගන්න.
– ආසාධනයට ලක් වූ ශාක හා රයිසෝම ගලවා දමා පුළුස්සා දමන්න.
– වැසි සමයේදී ජලාපවහනය වැඩි දියුණු කිරීම.
– එක් පඳුරක් සඳහා ග්‍රෑම් 80 බැගින් දෙහි යෙදීම සහ සති දෙකකට පසු පොස්පේට් යෙදීම.

කොළ අංගමාරය, පත්‍ර ලප සහ පත්‍ර මලකඩ වෙනත් සුළු වශයෙන් දැකිය හැකි රෝග වේ.

පාලනය

වර්තමානය වන විට මෙම රෝගය පුළුල් ලෙස ව්‍යාප්ත වී නොමැති බැවින් රසායනික පාලනය නිර්දේශ නොකරයි.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙලීම

වගා කිරීමෙන් පසු 3 වන අවුරුද්දේ කරදමුංගු ඵල දැරීම ආරම්භ වේ. බෝග වගාව සැප්තැම්බර් සිට ජනවාරි දක්වා වේ. කරඳමුංගු ඵල සම්පූර්ණයෙන්ම පැසීමට පෙර තෝරාගෙන කතුරක් ආධාරයෙන් කපා ගනු ලැබේ. මාස 03 ක් පමණ කාලයක් තුල අස්වනු නෙලීම සති 3 සිට 6 කට වරක් සිදු කෙරේ.
 
අපවිත්‍ර දෑ ඉවත් කිරීම සහ ගුල්ලන්ගෙන් හානියට පත් ඵල ඉවත් කිරීම සඳහා ජලයෙන් සෝදා හරිනු ලැබේ. කරල් හොඳින් ජලය ඉවත් කර ගත යුතු අතර, හරිත පැහැය රඳවා ගැනීමට සෝඩියම් කාබනේට් (රෙදි සෝදන සෝඩා) 2% ක ද්‍රාවණයක විනාඩි 10-15 අතර කාලයක් ගිල්වා තැබීම උපකාරී වේ.

පිරිසැකසුම්කරණය

‘green curing’ නමින් හැඳින්වෙන උණුසුම් වායු අටුතුල වියළීම සිදු කරනු ලැබේ. නොගැඹුරු කම්බි දැලක් සහිත තැටි මත කරඳමුංගු අතුරා 45-50oC උෂ්ණත්වය සහිත කුටීරයක රාක්කවල තබා වියලා ගැනීම සිදු කෙරේ. පදම් කිරීමේ කුටිය තුල පැය 35 – 40 අතර කාලයක් තුළ වියළීමේ ක්‍රියාවලිය අවසන් වේ. තැටි එක මත එක රාක්ක ආකාරයට තැබිය හැකි නමුත් සෑම පැය 10 – 12 කට වරක් ඒවායේ පිහිටීම මාරු කල යුතුය.

වියළීමෙන් පසු, නැටි ඉවත් කර ගැනීම සඳහා වියලි ඵල කම්බි දැලක් මත අතුල්ලා ගත යුතු අතර පසුව ඒවා හොඳින් පොලා ගත යුතුය. අවසාන නිෂ්පාදනයේ වර්ණය ආරක්ෂා කර ගැනීම සඳහා තද හිරු එළිය නොවැටෙන සේ කළු පොලිතින් උරවල බහා ගබඩා කර ගත යුතුය.

වියළි අස්වැන්න හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 60 ක් පමණ ලබාගත හැකි අතර මනා කළමනාකරණයක් යටතේ එය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 250 දකවා වැඩිකර ගත හැක.

ප්‍රමිතිගත ගුණාත්මක පිරිවිතර

SLS 166: 7980 ප්‍රමිතීන්ට අනුව කරදමුංගු පහත සඳහන් පරිදි කාණ්ඩ 5 කට ශ්‍රේණිගත කර ඇත.

ශ්‍රේණිය වර්ණය Splits%G/Lit.
ලංකා හරිත කොළ 2370
ලංකා ලා කොළ -1 මද ලා කොළ5340
ලංකා ලා කොළ -2ලා කොළ6320
ලංකා බ්ලීච්මදක් සුදුවන් පැහැය8300
Lanka non specifiedඅව පැහැතිදක්වා නැත360

ඖෂධීය හා රසායනික ගුණාංග

ඖෂධ සහ ආහාර සඳහා කරදමුංගු භාවිතය සාම්ප්‍රදායික ව ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුණි. කරදමුංගු එයටම ආවේණික සුවඳ සහ රසය සහිත බීජ සඳහා විශේෂයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. සුප්‍රතිෂ්ඨික සහ ආහාරමය අගය සහ රස ගැන්වීමේ ගුණය හේතුවෙන් කරදමුංගු ව්‍යාංජන සහ රසකැවිලි නිෂ්පාදන සඳහා රස කාරකයක් සහ කුළුබඩුවක් ලෙස විශාල ලෙස භාවිතා කරනු ලබයි.

ප්‍රතිඔක්සිකාරක, ප්‍රති-රුධිරපීඩක, ආමාශ ආරක්ෂක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ වැනි විවිධ ජෛව ක්‍රියාකාරී සහ වාෂ්පශීලී සංඝටක බොහොමයකින් සමන්විත නිසා අගය එකතු කරන ලද ආහාර සහ ඖෂධීය විකල්පයක් ලෙස වර්ධනය කිරීමේ සැලකිය යුතු විභවයක් මෙම කුළුබඩුව සතුවය. ප්‍

රතිකාරමය ගුණයක් සහිත කරදමුංගු සගන්ධ තෙල් ආහාර ජීර්ණ පද්ධතියට ප්‍රයෝජනවත් වේ. කරදමුංගු තෙල්වල ඇති ප්‍රධාන සංරචක වන්නේ α- ටර්පිනයිල් ඇසිටේට්, 1,8-සිනෝල් සහ ලිනැලූල් ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න