පුවක්

පුවක්

Areca catechu L
කුලය: Palmae

ඉතිහාසය

පුවක් සහ බුලත් ඇතුලත් මිශ්‍රණයක් සැපීම බොහෝ ආසියානු හා සාගරික රටවල වසර දහස් ගණනක සිට පැවත එන සම්ප්‍රදායක් සහ පුරුද්දකි. පුවක් සහ බුලත් කොළ එකට එකතු කිරීමෙන් මනෝ ක්‍රියාකාරී මත් ද්‍රව්‍යයක් සකසා ගැනීම ආරම්භ වූයේ කිනම් කාලයකදැයි නොදනී. වසර හාරදහසක් හෝ ඊට වැඩි කාලයක සිට මෙය භාවිතා කර ඇති බවට තායිලන්තය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවලින් හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙන්නුම් කරයි. ඉන්දියානු අර්ධද්වීපයේ බුලත් හා පුවක් සැපීමේ සම්ප්‍රදාය පූරව වෛදික යුගය සහ හරප්පා අධිරාජ්‍යය තෙක් විහිදී යයි. පෙර ට අයත් වේ. ක්‍රි. පූ. 140-8 කාලය තුළ ලියා ඇතැයි සලකනු ලබන “සැන්-හු-සුන්දන්” නම්වූ චීන ග්‍රන්ථයෙහි පුවක් හඳුන්වා ඇත්තේ මැලේසියානු වචනයක් වන “පින්ලාන්ග්” නමිනි. පුනක් සහ බුලත් සමග දෙහි මිශ්‍ර කොට සැපීමෙන්  මුඛය රතු පැහැ ගැන්වුණු සලමොන් දූපත් වැසියන් පිළිබඳ ස්පාඤ්ඤ නාවිකයෙකු වන ඇල්වාරෝ ද මැන්ඩෙනා විසින් වාර්තා කර තිබුණි.

පුවක් ගසෙහි මූලාරම්භය පිළිබඳ මතය නිශ්චිත අදහසක් නොමැති අතර, මේ පිළිබඳව විවිධ මත පලවී ඇත. විවිධ පර්යේෂකයන් මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් වලින් පුවක් වන ප්‍රභේද සොයාගෙන ඇත.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

පුවක් ගෙඩිය යනුවෙන් බොහෝවිට හැඳින්වෙන පුවක් ගසෙහි ඵලය සියළුම දකුණු ආසියානු රටවල සහ බොහෝ ගිනිකොනදිග ආසියානු හා සාගරික රටවල ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ බුලත් කොළ සමග සැපීමට ය. එය ශරීරයට මෘදු උණුසුම් සංවේදීතාවයක් ඇති කරන්නා වූ මද උත්තේජකයකි. අමු හා වියලූ ආකාර දෙකෙන්ම පුවක් භාවිතයට ගැනේ. පාකිස්තානය සහ ඉන්දියාව අමු පුවක් කපා විවිධ රසයෙන් යුත් වෙනස් නිෂ්පාදන සකසයි. චීනය සහ ඉන්දියාව ආයුර්වේද සහ සාම්ප්‍රදායික චීන ඖෂධ පිළියෙල කිරීමට පුවක් භාවිතා වේ. ඉන්දියාවේ පුවක් කුඩු සමහර දන්තාලේප නිෂ්පාදනයේ දී සංඝටකයක් ලෙස භාවිතා කරයි. කුඩු කරන ලද පුවක් කසාය හෝ ඇල්කලෝයිඩ් නිස්සාරණය පටිපණුවන් ඉවත් කිරීමට සහ සතුන්ගේ ආන්ත්‍රික පරපෝෂිතයන් ඉවත් කිරීමට පශු වෛද්‍ය විද්‍යාවේ දී යොදා ගනී.

විවිධ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ සැරසිලි කටයුතු සඳහා පුවක් කොළ යොදාගන්නා අතර කොළපත් ඉක්මනින් දිරිපත්වන පිඟන් සහ ඇසුරුම් ද්‍රව්‍යයන් ලෙස භාවිතා කරනු ලැබේ. පිසින ලද පත් පාර්සල්කිතුල් පැණි ආරක්ෂිතව තබා ගැනීමට කොළපත් භාවිතා කෙරේ.  පරිණත කඳන් ගොඩනැඟිලි ද්‍රව්‍යයක් ලෙස මෙන්ම හින්දු භක්තිකයන් ආගමික උත්සව සඳහා  සැරසිල්ලක් ලෙස භාවිතා කරනු ලැබේ. නොමේරූ ගස් අලංකාරණාත්මක ශාක ලෙස භාවිතා කෙරේ.

ප්‍රධාන වශයෙන් වගාකරන වන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ අතරමැදි තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් පුවක් වගා කෙරේ. කෙසේ වෙතත්, වියළි කලාපයේ විශාල වැව් සහ ජල මාර්ග ආශ්‍රිතව අක්කර කුඩා ප්‍රමාණයක පුවක් වගාවන් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ පුවක් වගා කර ඇත බිම් ප්‍රමාණය ඇස්තමේන්තු  ගත කර ඇත්තේ හෙ. 12533 ලෙසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් පුවක් වගා කරන දිස්ත්‍රික්ක වන්නේ කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයි. සියළුම පුවක් වගාවන් දැකිය හැක්කේ ගෙවතු වල හෝ මිශ්‍ර වගාවන් ලෙසින් වන අතර,  වාණිජව වගා කර ඇති භූමි ඇතිය හැක්කේ ස්වල්ප වශයෙනි.

ප්‍රභේද

සියවස් ගණනාවක් පුරා පුවක් වගාව තෙත් සහ අතරමැදි කලාප පුරාවට වගා කරගෙන යන බැවින් පුළුල් ජාන විවිධත්වයක් පවතී. වගා කරන විවිධ ප්‍රදේශවල දේශීය වරණ විශාල වශයෙන් තිබෙන අතර,  හඳුන්වා දුන් ප්‍රභේද කිහිපයක්ද ඇත. මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ ආයතනයෙහි  Germplasm of 1206 Lines තිබෙන අතර වසරකට එක් ගසකින් ගෙඩි 1000ට වඩා වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද කිහිපයක් තෝරාගෙන ඒවා වගාකරුවන්ට ලබා දී ඇත.

දේශීය පුවක්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවක් දක්නට ලැබේ. ගස මීටර් 15 – 20 දක්වා වර්ධනය වේ. පුවක් ගෙඩිය රවුම් හෝ ඕවලාකාර හැඩයක් ගනී. ගෙඩි 50-400 දක්වා එක ඉත්තක දැකිය හැක. නව ප්‍රභේද ලෙස දේශීය ප්‍රභේද 3 ක් මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ හඳුන්වා දී ඇත.

මාතලේ සිංහ

වසරකට එක් ගසකින් වියළි පුවක් (කරුන්කා) කිලෝග්‍රෑම් 4 ක් පමණ ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් වසරකට එක් ගසකින් ඉති 4-5ක් අස්වැන්න ලබා ගත හැකිය. අමු ගෙඩියක බර ග්‍රෑම් 20 ක් පමණ වන අතර එය වියළීමෙන් පසු කරුන්කා ගෙඩියක බර ග්‍රෑම් 4.8 ක් පමණ වේ.

මාතලේ චතුර

ගෙඩියේ හැඩය මදක් දිගටි වේ. වසරකට එක් ගසකින් ඉති 4-5 ක් අස්වැන්න ලබාගත හැකිය. එක් ඉත්තක ගෙඩි 250 ක් පමණ තිබේ. වියළීමෙන් පසු ග්‍රෑම් 4.7 ක් පමණවන කරුන්කා ගෙඩි ලබා ගත හැකිය. වාර්ෂික කරුන්කා අස්වැන්න කිලෝග්‍රෑම් 4 ක් පමණ වේ.

මාතලේ රාජා

වසරකට ගසකින් ඉති 3-5 ක් පමණ ලැබේ. වසරකට ගසකින් ගෙඩි 700 ක් පමණ අස්වැන්න ලැබේ. ගසකින් වසරකට කි.ග්‍රෑ 3.7 ක් පමණ කරුන්කා අස්වැන්නක් ලබා ගත හැකිය.

රට පුවක්

ගස් එතරම් උස ට නොවැඩේ. (මීටර් 8-12). ගසෙහි ආයු කාලය වසර 12-15 පමණ වේ. ගෙඩි විශාල හා වටකුරු හැඩයකින් යුක්තය. ලෙල්ල කහ හෝ කොළ පැහැයක් ගනී. එක් ඉත්තකින් ගෙඩි 75 ක් පමණ අස්වැන්න ලැබේ. ගසකට වසරකට පොකුරු 4 ක් පමණ සිදුවේ. අස්වනු නෙළීම වෙනත් පුවක් විශේෂ වල off තු කාලවලදී ගත හැකිය. කරුන්කා නිෂ්පාදනය කරන්නේ රාතා පුවක් සමඟ නොවේ.

හම්බන් පුවක්

විකීම සඳහා වඩාත් සුදුසු පුවක් වර්ගය වේ. එක් ඉත්තක ගෙඩි 75-80ක් පමණ සැදේ. ලෙලි කහ හෝ රතු තැඹිලි වර්ණයෙන් යුක්තයි.

ඉහත ප්‍රභේදවලට අමතරව පරිභෝජනය සඳහා වැඩිවශයෙන් භාවිතා නොකරන ප්‍රභේදයන් වේ. ඒවා නම් “දොතළු”, “ලේනතැරි”, “ඉන්දියානු පුවක්” සහ විසිතුරු පුවක් ය.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

විවිධ පාංශු වර්ගවල පුවක් හොඳින් වෙඩෙන අතර ඒවා සාරවත් මැටි ලෝම පසෙහි හෝ රතු කහ පොඩ්සොලික් වර්ගයේ බොරළුමය ලැටරයිට් පසෙහි හොඳින් වැඩේ. පසෙහි ජලය රඳා පැවතීම යම් තරමක් දුරට මෙම ශාකයට දැරිය හැකි අතර, තෙතමනය සහිත තත්වයන්ට ප්‍රිය කරයි. ඇලෙන සුළු මැටි පස්, වැලි සහිත දියළු පස හෝ කැල්සියම් සහිත පස පුවක් ශාකයේ වර්ධනයට සුදුසු නොවේ. මීටර 1 ක් පමණ ගැඹුරු පස සුදුසු වන අතර, ක්ෂාරීය ලවණ සහිත මදක් ආම්ලික පස්, අඩු පොස්පරස් සහ පොටෑසියම් මට්ටම් ද පුවක් වගාව සඳහා සුදුසු වේ.

දේශගුණය

පුවක් වගාව ප්‍රධාන වශයෙන් නිවර්තන දේශගුණයට සීමා වේ. සෘජු උණුසුම් හිරු එළියෙන් හා තද සුළඟින් ආරක්ෂා වුණු තෙතමනය සහිත ප්‍රදේශවල බෝගය හොඳින් වැවේ. නොමේරූ ගස් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් පත්‍ර මතුපිට පිළිස්සීමට ලක්වේ.

උන්නතාංශය – මුහුදු මට්ටමේ සිට 1000M දක්වා තෙත් ප්‍රදේයන් හි හොඳින් වැවේ.

උෂ්ණත්වය – 24º – 36ºC අතර ප්‍රදේශවල හොඳින් වර්ධනය වේ. 10ºC ට අඩු සහ 40ºC ට වැඩි උෂ්ණත්වයකට අහිතකර ලෙස බලපායි.

වර්ෂාපතනය – මිලිමීටර් 1750 -4500 සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතන සහිත ප්‍රදේයන් හි හොඳින් වගා කල හැකිය. හොඳින් පැතිරෙන වර්ෂාපතනය සහිත තෙත් දේශගුණය වර්ධනය සඳහා වඩාත් සුදුසු වේ. දිගු නියං තත්ව යටතේ අහිතකර බලපෑමට ඉක්මනින් මෙම භෝගය පත්විය හැකි බැවින් එවැනි ප්‍රදේශවල ස්ථිර හෝ අර්ධ ස්ථීර ජල ප්‍රභවයන් අසල පුවක් වගා කළ යුතුය.

සුළඟ – අඩු සුළං තත්වයන් හිතකරය

සෙවන – 20-30% අතර වැඩි සෙවන තත්වයන් සුදුසු වේ. සෘජු හිරු එළිය කොළ මත පතිත වීමෙන් පත්‍ර කහ පැහැයට හැරිය හැකිය.

බෝග ස්ථාපිත කිරීම

මෝසම් වැසි සමයේ ආරම්භයත් සමග  වගාව ආරම්භ කළ යුතුය. බිම් සකස් කිරීමෙන් පසු මතුපිට පස් හා ගොම හෝ කොම්පෝස්ට් මිශ්‍රණයෙන් පුරවා ඇති 45cmx45cmx45cm වලවල් තුළ පැළ සිටුවිය යුතුය. අතිරික්ත වැසි ජලය ඉවත් කිරීම පහසු කිරීම සඳහා කාණු සකස් කල යුතුය. බෑවුම්වල සිටුවීමේදී සමෝච්ඡ රෝපණය කිරීම නිර්දේශ කරනු ලැබේ. වඩා හොඳ වර්ධනයක් සඳහා කාබනික පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ.

පරතරය – මිශ්‍ර බෝග ලෙස වගා කිරීමේ දී පරතරය මීටර් 3.0 x 3.0m (හෙ. 01 ට පැල 1100) – කෙසෙල් පැල 5.4mx5.4m පරතරයකින් ස්ථාපිත කළ හැකිය.

සෙවණ – බීජ පැළ සෘජුව හිරු එළියට නිරාවරණය නොකළ යුතුය. පුවක් කොළ, පොල් කොළ හෝ පොලිතින් වලින් ආවරණය කිරීමෙන් පැළවලට තාවකාලික සෙවන ලබා දිය හැකිය. කෙසෙල්, පැපොල් හෝ මඤ්ඤොක්කා ආදිය අතුරු බෝග ලෙස වගා කිරීමෙන් ස්ථිර සෙවන ලබා දිය හැකිය.

කාණු සහ මළු ආකාරයේ පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගත හැකිය. ජලය එක් රැස්ව පවතින භූමි තුල කාණු පද්ධති ස්ථාපනය කිරීමෙන් ජලය එක් රැස්වීම වළක්වා ගත යුතුය.

බෝග කළමනාකරණය

පොහොර යෙදීම:

ශ්‍රී ලංකාවේ ගොවීන් පුවක් වගාව සඳහා පොහොර යෙදීම සිදු නොකරයි. නමුත් වාණිජ වගාවන් පවතින ඉන්දියාවේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා පොහොර යෙදීම නිර්දේශ කරනු ලැබේ.

පොහොර නිර්දේශය:

රසායනික පොහොර නිර්දේශය / පැළ / වසරක් සඳහා

නයිට්‍රජන් ග්‍රෑම් 100 (යූරියා ග්‍රෑම් 220)
P2O5 ග්‍රෑම් 40 (200g රොක් පොස්පේට්)
K2O ග්‍රෑම් 140 ක් ( ම්‍යුරියට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 225)

පොහොර යෙදීම මාත්‍රා දෙකකට බෙදා සිදු කළ යුතුය

යූරියා: රොක් පොස්පේට්: MOP => 3: 2: 3

ක්ෂේත්‍රයේ පැල සිටුවීමෙන් මාස 6 කට පසු පළමු පොහොර යෙදීම සිදු කෙරේ. ඉන්පසු සෑම වසරකම යල සහ මහ කන්න වල පොහොර යෙදීම සිදු කෙරේ.

කාබනික පොහොර

එක් පැලයකට එක් වර්ෂයකදී කොළ සහ කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 12 බැගින් යෙදිය යුතුය. ගහ මුල සිට සෙන්ටිමීටර 20 ක් පමණ ඉතුරු කොට, 0.5-1m අරයකින් සෙන්ටිමීටර 15-20 ක් ගැඹුරට හාරා එයට කාබනික පොහොර යෙදිය යුතුය. යෙදීමෙන් පසු පස පෙරළා කාබනික ද්‍රව්‍ය හා පස ආවරණය කළ යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකාව තුල නිර්දේශ කරනු ලබන්නේ කාබනික ද්‍රව්‍ය, කොළ පොහොර හෝ කොම්පෝස්ට් එක් ගසක් සඳහා කිලෝග්‍රෑම් 20 ක් වාර 02 කදී ගස මුලට යෙදීමයි.

වල් මර්ධනය

වල් පැලෑටි වලින් තොර වගාවන් වඩා හොඳ අස්වැන්නක් ලබා දෙන බව ඉන්දියාවේ පර්යේෂණවලින් තහවුරු කොට ඇත.

වසුන් යෙදීම


වසුන් යෙදීම ඉන්දියාවේ පුවක් වගාව සඳහා නිතර භාවිතාවන ක්‍රම වේදයකි. එමගින් ගස මුල තෙතමනය ආරක්ෂ කර ගැනීම, ඛාදනය අවම කර ගැනීම සහ වල් පැලෑටි පාලනය සිදු කරයි. කැබලි කර ගත් පුවක් කොළ සහ ලෙලි, තණකොළ හෝ වියළි කොළ වසුන් සඳහා යොදා ගනී.

බෝග ආරක්ෂණ

ආර්ථික වශයෙන් වැදගත් පළිබෝධ සහ රෝග වාර්තා වී නැත.

නමුත් සමහර අවස්ථා වලදී පත්‍ර කහවීමේ රෝගය, stunting of crown, leaf molting disease, නොමේරූ ගෙඩි හැලීම වාර්තා වී ඇත.

අස්වනු හා පසු අස්වනු භාවිතයන්

පුවක් ශාකය මල් හටගැනීම සඳහා වසර 6-7 ක් ගත වන නමුත් උපරිම අස්වැන්න ලැබෙන්නේ වසර 10-12 කට පසුවය. නමුත්, අවශ්‍යතාවය අනුව මේරීමේ විවිධ අවස්ථා වලදී අස්වනු නෙලනු ලැබේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පැසුනු පුවක් අමුවෙන් හෝ වියළීමෙන් අනතුරුව භාවිතා කරයි. හොඳින් පැසුණු පුවක් නැවුම් බවට හානියක් නොවී වසරක් පමණ තබා ගත හැකිය.

සාමාන්‍ය අස්වැන්න – එක් ගසකින් වසරකට ඉති 3-4

ඖෂධීය හා රසායනික ගුණාංග

පුවක් වල අන්තර්ගත රසායනික සංඝටක වන්නේ ටැනින්, ගාලික් අම්ලය සහ ංංංංං, ටර්පීනෝල් ස්වල්ප වශයෙන්, ලිග්නින්, විවිධ ලවණ ද්‍රව්‍ය සහ රුධිර වාහිනී සංකෝචනය කර රුධිර පීඩනය ඉහල නැංවිය හැකි ප්‍රධාන ඇල්කලෝයිඩ් තුනක් වන ඇරිකොලයින්, ඇර‍ෙකේන් සහ ග්වාසීන් ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න