අපනයන කෘෂි භෝග නව වගා / නැවත සිටුවීම සඳහා ආයෝජන සහාය ලබා ගැනීම – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

අපනයන කෘෂි භෝග නව වගා / නැවත සිටුවීම සඳහා ආයෝජන සහාය ලබා ගැනීම

අපනයන කෘෂි භෝග නව වගා / නැවත සිටුවීම සඳහා ආයෝජන සහාය ලබා ගැනීම


ඉල්ලුම් කළ හැක්කේ කාටද: කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබු නැටි, සාදික්කා, වැනිලා, ලෙමන් ග්‍රාස් සහ පැඟිරි වගා කිරීමට කැමති ගොවීන් හෝ ඕනෑම පුද්ගලයෙක්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සහාය

    1. සාදික්කා, කරාබු, එනසාල්, කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, කෝපි සහ පැඟිරි වල සහතික කළ රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබා දෙනු ඇත.
    2. වගා කාර්යයන් සහ බෝග කළමනාකරණය සඳහා තාක්‍ෂණික උපදෙස් හා පුහුණුව

රෝපණ ද්‍රව්‍ය සඳහා දෙපාර්තමේන්තුවේ දායකත්වය

බෝගය හෙක්ටයාරයකට අවශ්‍ය පැල සංඛ්‍යාව පැළවල මුළු වටිනාකම (රු.)
කුරුඳු 9000 162,000.00
ගම්මිරිස් 1700 47,600.00
කෝපි (ඇරබිකා) 3000 42,000.00
කෝපි (රොබස්ටා) 1600 22,400 .00
පැඟිරි 28000 56,000.00
සාදික්කා 250 25,000.00
කරාබු 250 17,500.00
එනසාල් 2000 30,000.00
කොකෝවා 1100 15,400.00

සුදුසුකම් සඳහා නිර්ණායක:

1. සුදුසුකම් සහිත අවම භූමි ප්‍රමාණය – හෙක්ටයාර 0.1 (අක්කර 1/4)
2. ඉඩමෙහි අයිතිය සනාථ කිරීම සඳහා ඉඩම් ඔප්පුව ඉදිරිපත් කළ යුතුය.
3. අදාළ බෝග සඳහා සුදුසු ඉඩම්, පස, උන්නතාංශය සහ පරිසර තත්ත්ව තිබිය යුතුය.

අයදුම් කිරීමේ ක්‍රියාපිළිවෙල:

අයදුම්පත් ව්‍යාප්ත නිලධාරි වෙත (ළඟම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී බදාදා පෙ.ව. 8.30 සිට ප.ව 4.15 දක්වා) හෝ දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) වෙත ඕනෑම කාර්යාල දිනයක උදේ 8.30 සිට ප.ව. 4.15 දක්වා ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් මෙතැනින් බාගත හැකිය.

සේවා ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:

  • තාක්ෂණික උපදෙස් සහ පුහුණුව: නොමිලේ
  • රෝපණ ද්‍රව්‍ය:

1. සාදික්කා, කරාබු, එනසාල් සහ කොකෝවා පැල අක්කර 5 ක් දක්වා:- නොමිලේ
2. කුරුඳු, ගම්මිරිස්, කෝපි සහ පැඟිරි අක්කර 5 ක් දක්වා :- නොමිලේ

සේවාව සැපයෙන ආකාරය:

ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී විසින් අයදුම්කරුගේ ඉඩම පෞද්ගලිකව පරීක්ෂා කරනු ලබන අතර සුදුසුකම් නිර්ණායක සපුරා ඇත්නම් ඉඩම යෝජනා ක්‍රමයට ලියාපදිංචි කරනු ලැබේ. ව්‍යාප්ති නිලධාරියා පෞද්ගලිකව මූලික ඉඩම් සැකසීමේ කටයුතු සහ අදාළ බෝග වගාව පිළිබඳව උපදෙස් දෙනු ඇත.

ඉඩම් සකස් කිරීම අවසන් වූ පසු සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ ලියාපදිංචි තවානකින් නිකුත් කෙරේ. සිටුවීමෙන් මාස 3,12,18,24 කට පසු ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරි ඉඩමට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.

සේවාව සැපයීමට ගතවන කාලය:

අයදුම්පත ලැබීමෙන් පසු දින 2 සිට මාස 3 දක්වා

වගකිවයුතු නිලධාරීන්:

ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී (ළඟම ඇති සේවා මධ්‍යස්ථානය පදනම්ව) අදාළ දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ.

අයදුම්පත බාගත කරගන්න