අතුරු බෝග සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය

සම්බන්ධතා තොරතුරු

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දම්පැලැස්ස, නාරම්මල, ශ්‍රී ලංකාව.
දුරකථන         :    037-2248879
ෆැක්ස්       :    037-2249377
විද්‍යුත් තැපැල්        :    ibrs@yahoo.com

හැඳින්වීම

අතුරු බෝග සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය 1993 වර්ෂයේදී නාරම්මලදී ස්ථාපිත කරනු ලැබුවේ පොල් වගාව තුළ යටි වගාවක් ලෙස අපනයන කෘෂිකාර්මික බෝග අතුරු වගාව සඳහා වන පුරෝගාමී පර්යේෂණ මධ්‍යස්ථානය ලෙසය.  පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙහෙවර වනුයේ බුලත් වගාවේ ප්‍රවර්ධනය උදෙසා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරිම සහ ක්‍රියාත්මක කිරීම සහ පොල් වගාව යටතේ අපනයන කෘෂිකාර්මික බෝග අතුරු බෝග ලෙස වගා කිරිමේ ශක්‍යතාව අධ්‍යයනය කිරිමය. පර්යේෂණ මධ්‍යස්ථානයේ මුළු පරිශ්‍රය අක්කර 64 නික් සමන්විත වන අතර, එයට කාර්යාල සංකීර්ණයක් , පර්යේෂණ භූමි සහ ගොවිපොළ ද ඇතුළත්ය. පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්වලට අමතරව පුහුණු කිරීම් සහ ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි බෝග අංශයේ ප්‍රවර්ධනය උදෙසා අපනයන කෘෂි බෝග වලට අදාල තොරතුරු සැපයිමද ඇතුළත් ව්‍යාප්ති සේවාවන්ද මධ්‍යස්ථානයෙන් සැපයේ.

අංශ :

අභිජනන අංශය
දුරකථන අංකය – +94372249269

ශෂ්‍ය විද්‍යා අංශය
දුරකථන අංකය
– +94372249302
ඊ මේල්agriobrs@gmail.com

පාංශු , පසු අසුවනු තාක්ෂණ සහ පැළෑටි ආරක්ෂණ අංශය
දුරකථන අංකය – +94372249194

සිදු කරමින් පවතින පර්යේෂණ

  1. ඉඟුරු වල (Zingiger officinale) ජනක ප්ලාස්මය පොල් බෝගය යටතේ ඇගයිමකට ලක් කිරීම
  2. කහ (Curcuma domestica) ජනක ප්ලාස්මය පොල් බෝගය යටතේ රැස් කිරීම , ස්ථාපිත කිරීම සහ ඇගයිමකට ලක් කිරීම
  3. ශ්‍රි ලංකාවේ බුලත්වල (Piper betel) ජනක ප්ලාස්මය රැස් කිරීම , ස්ථාපිත කිරීම සහ ඇගයිමකට ලක් කිරීම සහ සංරක්ෂණය කිරීම
  4. තෝරා ගත් කළු ගම්මිරිස් (Piper nigrum) වගා දර්ශ පහතරට අතරමැදි කළාපය සඳහා දෙමුහුන්කරණය කිරීම
  5. තෝරාගත් කොකෝවා (Thebroma cacao) පෙළපත් ගහතරට අතරමැදි කළාපයේ පොල් සමඟ අතුරු බෝගයක් ලෙස වගා කිරීම සඳහා ඇගැයිමකට ලක්කිරීම

ශෂ්‍ය විද්‍යා අංශය

  1. කළු ගම්මිරිස්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීමේ ශිල්ප ක්‍රම ලෙස පාංශු නොවන සංරක්ෂණ ක්‍රම සහ ශෂ්‍ය විද්‍යා කළමනාකරණ පිළිවෙත් පිලිබඳ අධ්‍යයනය කිරීම
  2. අපනයන තත්වයේ ගුණාත්මක බුලත් කොළ (Piper betel) නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රශස්ථ සෙවන මට්ටම පිළිබඳව අධ්‍යයනය කිරීම
  3. වර්ෂය පුරාම ගම්මිරිස්වල මල් හට ගැනීම සහ අස්වැන්න උත්තේජනය කිරීම සඳහා ජල සම්පාදනයෙන් සහ පොහොර යෙදීමෙන් ඇතිවන බලපෑම
  4. සෙවන තීරු (Shelter belts) මඟින් ක්ෂුද්‍ර කාලගුණ විද්‍යාත්මක සාධක , බුලත්වල (Piper betel) වැඩිම අස්වැන්න හා කොළවල ගුණාත්මක පරාමිතීන් කෙරෙහි ඇති කරන බලපෑම
  5. ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගාව යටතේ කොකෝවාවල ඵලදායීතාවය වර්ධනය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම

පාංශු , පසු අසුවනු තාක්ෂණ සහ පැළෑටි ආරක්ෂණ අංශය

  1. ගම්මිරිස්වල සජීවී ආධාරකයක් ලෙස පොල් ගස යොදා ගැනීමේ විභවතාවය අධ්‍යයනය කිරීම
  2. ඉවතලන බුලත් (Piper betel) කොළ භාවිතයෙන් අගය එකතු කළ භාණ්ඩ නිපදවිම
  3. බුලත් වගාවල පසෙහි පෝෂක තත්වයන් වෙන්කර පෙන්වා දීම
  4. බුලත් වගාවේ පොහොර සම්බන්ධව අධ්‍යයනය කිරීම
  5. GIS අන්තර්වර්තන තාක්ෂණය යොදා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුලත් වගාවන් අතර, බුලත් කොළ අංගමාරය පැවැතිමේ ඉඩකඩ විමර්ශනය කිරීම
  6. බුලත් කොළ අංගමාරය ඇති කරන ජීවියා පිළිබඳ සනාථ කිරීම හා ජීවියා කලින් හඳුනාගැනීම සඳහා ආයතනික PCR තාක්ෂණය භාවිතය
  7. ගමිමිරිස්වල වියන් ආස්තරණ වර්ධනය සහ අස්වැන්න කොරෙහි විවිධ කප්පාදු මට්ට්ම්වල බලපෑම
  8. බුලත් (Piper betel) බැක්ටීරියා කොළ අංගමාරය පාලනය කිරීම සඳහා ස්වදේශීය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳ විමර්ශනය කිරීම
  9. බුලත් (Piper betel) වගාවේ පිළිබෝධ සහ කොළවල අපනයන තත්වය පවත්වාගෙන යාම සඳහා යෝග්‍ය කළමනාකරණ පිළිවෙත් හඳුනාගැනීම
  10. බුලත් වගාවේ (Piper betel) තනි ආධාරක පද්ධතියක් ලෙස දෙපාර්තමේන්තු පෙහොර මිශ්‍රණය ඇගැයීමට ලක් කිරීම
  11. විවිධ පාංශු තෙතමන  රෙජීම යටතේ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධව ඉඟුරු ආබද්ධයන් ඇගැයිමට ලක් කිරිම
  12. බුලත් වැල් කැබලි නිෂ්පාදනය සඳහා පොල් ලෙලි සහ කොහුබත් සමඟ යොදා ගන්නා විවිධ බඳුන් / තවාන් මාධ්‍ය සංසන්දනය කිරිම