පුහුණු කිරීම්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සාම්ප්‍රදායිකව වගා කරන අපනයන කෘෂි භෝග වගා කිරීම, අස්වනු නෙලිම සහ සැකසීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙන තාක්ෂණික දෙපාර්තමේන්තුවකි. එකී නව තාක්ෂණය, ක්ෂේත්‍රෙය් නියැලෙන්නන් වෙත ළඟා කරවීම සඳහා පුළුල් පරාසයකින් පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. දෙපාර්තමේන්තුව වෙතින් ලබා දෙන පුහුණු සේවාස්ථ පුහුණු, ගොවි පුහුණු සහ කුරුඳු සකසන්නන් සඳහා ලබා දෙන පුහුණු ලෙස තෙවැදෑරුම් වේ.

සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානය මාතලේ ඇල්වල පිහිටා ඇත. එහි පුහුණු අවශ්‍යතා සඳහා පහසුකම් මෙන්ම පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවන්නන් සඳහා නවාතැන් පහසුකම් ද ඇත.

කවුරුන් සඳහාද?

කුරුඳු, ගම්මිරිස්, කොකෝවා, කෝපි වැනි භෝග වගා කිරීම, සැකසීම සහ අලෙවිකරණය පිළිබඳ උනන්දුවක් දක්වන ගොවි කණ්ඩායම්, ප්‍රජා මූල සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යවසායක කණ්ඩායම්, වෙනත් රාජ්‍ය/අරධ රාජ්‍ය ආයතන හෝ දෙපාර්තමේන්තු සඳහා මෙම ආයතනයේ පුහුණු වැඩසටහන් පැවැත්වේ.

පුහුණුවේ ස්වභාවය

මෙම පුහුණු මතලේ, ඇල්වල පිහිටි සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානනයේ පැවැත්වේ. මේවා සියල්ලම නේවාසික පුහුණු වන අතර, දින 02 – 05 අතර පැවැත්වේ. මෙහි දේශන පවත්වනු ලබන්නේ සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානනයේ නිලධාරින්, පර්යේෂණ නිලධාරින්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ බාහිර සම්පත් දායකයින් විසිනි.

දේශනවලින් පසුව සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වගා භූමිතුලදී ප්‍රායෝගික පුහුණු පැවැත්වේ. පුහුණු වැඩසටහනේ අවශ්‍යතාවය පරිදි, ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරනු ලැබේ. සහභාගිවන්නන් සඳහා නවාතැන් ආහාර පාන ද හා නවාතැන් පහසුකම් ද සපයනු ලැබේ.

අයදුම් කළ හැකි ආකාරය

අධ්‍යක්ෂ ජනරාල් හෝ සහකාර අධ්‍යක්ෂ(පුහුණු) වෙත ලිඛිතව ඉල්ලීමක් කල යුතුය. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මගින් ද අධ්‍යක්ෂ ජනරාල් හෝ සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ වෙත ඉල්ලීම් කළ හැකිය. මෙම සේවාව නොමිලේ සපයන්නකි. ඉල්ලුම් කිරීමෙන් පසු මාස 03 ක් ඇතුලත අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධ නිලධාරින් සහ සම්බන්ධ කර ගැනීමේ ආකාරය

එල්. එච්. ඩිලාන් එස්. ලක්ෂ්මන් මහතා, සහකාර අධ්‍යක්ෂ(පුහුණු)

ගොවි පුහුණු වැඩසටහන්

කවුරුන් සඳහාද?

කුරුඳු, ගම්මිරිස්, කොකෝවා, කෝපි වැනි භෝග වගා කිරීම, සැකසීම සහ අලෙවිකරණය පිළිබඳ උනන්දුවක් දක්වන ගොවීන්, ගොවි කණ්ඩායම් සහ ප්‍රජා මූල සංවිධාන සඳහා මෙම පුහුණු පැවැත්වේ.

පුහුණුවේ ස්වභාවය

ව්‍යාප්ති නිලධාරින් හෝ පර්යේෂණ හා සංවර්ධන සහකාරවරුන් මෙම පුහුණු පන්ති මෙහෙයවනු ලැබේ. ගොවි ක්ෂේත්‍රයකදී හෝ තෝරාගත් වෙනයම් ස්ථානයකදී කණ්ඩායම් පන්ති ආකාරය මෙම පුහුණු පැවැත්වේ. පුහුණුකරු සහ ගොවීන් අතර අන්‍යෝන්‍ය සාකච්ඡාවකින් මෙම පුහුණු තීරණය කරනු ලැබේ. අපනයන කෘෂි භෝග වගා කිරීමේ දී අවශ්‍ය පාංශු සංරක්ෂණය, භෝග ස්ථාපනය, සෙවන පාලනය, රෝග හා පලිබෝධ පාලනය, පොහොර යෙදීම ආදී කරුණු සඳහා පුහුණු පැවැත්වේ.

අයදුම් කළ හැකි ආකාරය

ආසන්නතම ගොවිජන කේන්ද්‍රයේ සිටින ව්‍යාප්ති නිලධාරි වෙත (බදාදා දිනවල පමණක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා) හෝ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ වෙත ඉල්ලුම් කළ හැක. මෙම පුහුණු නොමිලේ ලබාදෙන අතර, අවශ්‍ය දිනට අවම තරමින් මාස 03 කට කළින් ඉල්ලුම් කළ යුතුය.

මේ සම්බන්ධ නිලධාරින් සහ සම්බන්ධ කර ගැනීමේ ආකාරය

දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්
ආසන්නතම ගොවිජන කේන්ද්‍රයේ සිටින ව්‍යාප්ති නිලධාරින්

කුරුඳු සැකසුම්කරුවන් සඳහා වන පුහුණු

කවුරුන් සඳහාද?

සෞඛ්‍යාරක්ෂිතව කුරුඳු තැලීම පිළිබඳ උනන්දුවක් දක්වන කුරුඳු ගොවීන්, ගොවි කණ්ඩායම් සහ ප්‍රජා මූල සංවිධාන සඳහා මෙම පුහුණු පැවැත්වේ.

පුහුණුවේ ස්වභාවය

තෝරාගත් කුරුඳු වගාවකදී, කුරුඳු තැලීම පිළිබඳ පළපුරුදු ඇති කුරුඳු සැකසුම්කරුවන් කණ්ඩායමක් විසින් මෙම පුහුණුව සිදුකරනු ලැබේ.

අයදුම් කළ හැකි ආකාරය

ආසන්නතම ගොවිජන කේන්ද්‍රයේ සිටින ව්‍යාප්ති නිලධාරි වෙත (බදාදා දිනවල පමණක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා) හෝ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ වෙත ලිපියකින්, දුරකථනයෙන් හෝ ෆැක්ස් පතකින් ඉල්ලුම් කළ හැක. නැතිනම්, මාතර, පලොල්පිටිය, තිහගොඩ පිහිටි කුරුඳු පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) වෙත ඉල්ලීම් ඉදිරිපත් කල හැක.

දකුණු, බස්නාහිර සහ සබරගමු පළාත් අයදුම්කරුවන්ට මූලිකත්වය දෙනු ලැබේ. මෙම පුහුණු නොමිලේ ලබාදෙන අතර, අවශ්‍ය දිනට අවම තරමින් මාස 03 කට කළින් ඉල්ලුම් කළ යුතුය.

මේ සම්බන්ධ නිලධාරින් සහ සම්බන්ධ කර ගැනීමේ ආකාරය

ආසන්නතම ගොවිජන කේන්ද්‍රයේ සිටින ව්‍යාප්ති නිලධාරින්
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
මාතර, පලොල්පිටිය, තිහගොඩ පිහිටි කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානයේ ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (පර්යේෂණ)