අපනයන කෘෂි භෝග නව වගා / නැවත සිටුවීම සඳහා ආයෝජන සහාය ලබා ගැනීම


ඉල්ලුම් කළ හැක්කේ කාටද: කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබු නැටි, සාදික්කා, වැනිලා, ලෙමන් ග්‍රාස් සහ පැඟිරි වගා කිරීමට කැමති ගොවීන් හෝ ඕනෑම පුද්ගලයෙක්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සහාය

    1. සාදික්කා, කරාබු, එනසාල්, කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, කෝපි සහ පැඟිරි වල සහතික කළ රෝපණ ද්‍රව්‍ය දෙපාර්තමේන්තු මිලට ලබා දෙනු ඇත.
    2. වගා කාර්යයන් සහ බෝග කළමනාකරණය සඳහා තාක්‍ෂණික උපදෙස් හා පුහුණුව

රෝපණ ද්‍රව්‍ය සඳහා දෙපාර්තමේන්තුවේ සහ ප්‍රතිලාභියාගේ දායකත්වය

අනු අංකභෝගයහෙක්ටයාර 01කට අවශ්‍ය පැළපැළයක් සඳහා දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන මුදල (රු.)පැළයක් සඳහා ප්‍රතිලාභියා විසින් දැරිය යුතු මුදල (රු.)මුළු වටිනාකම (රු.)
1කුරුඳු 9,000 18.00 7.00 225,000.00
2ගම්මිරිස් 1,700 30.00 10.00 68,000.00
3කෝපි 3,000 20.00 10.00 90,000.00
4කොකෝවා (බීජ පැළ) 1,100 30.00 33,000.00
5පුවක් (දේශීය) 1,700 25.00 5.00 51,000.00
6පුවක් (රට) 1,700 25.00 10.00 59,500.00
7සාදික්කා (බීජ පැල) 250 120.00 30.00 37,500.00
8කරාබු 250 100.00 30.00 32,500.00

සුදුසුකම් සඳහා නිර්ණායක:

1. සුදුසුකම් සහිත අවම භූමි ප්‍රමාණය – හෙක්ටයාර 0.1 (අක්කර 1/4)
2. ඉඩමෙහි අයිතිය සනාථ කිරීම සඳහා ඉඩම් ඔප්පුව ඉදිරිපත් කළ යුතුය.
3. අදාළ බෝග සඳහා සුදුසු ඉඩම්, පස, උන්නතාංශය සහ පරිසර තත්ත්ව තිබිය යුතුය.

අයදුම් කිරීමේ ක්‍රියාපිළිවෙල:

අයදුම්පත් ව්‍යාප්ත නිලධාරි වෙත (ළඟම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී බදාදා පෙ.ව. 8.30 සිට ප.ව 4.15 දක්වා) හෝ දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) වෙත ඕනෑම කාර්යාල දිනයක උදේ 8.30 සිට ප.ව. 4.15 දක්වා ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් පහත සබැඳියෙන් බාගත කළ හැකිය.

සේවා ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:

  • තාක්ෂණික උපදෙස් සහ පුහුණුව: නොමිලේ
  • රෝපණ ද්‍රව්‍ය:

1. සාදික්කා, කරාබු, එනසාල්, කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, කෝපි සහ පැඟිරි පැල අක්කර 5 ක් දක්වා:- දෙපාර්තමේන්තු මිල ගණන් යටතේ

සේවාව සැපයෙන ආකාරය:

ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී විසින් අයදුම්කරුගේ ඉඩම පෞද්ගලිකව පරීක්ෂා කරනු ලබන අතර සුදුසුකම් නිර්ණායක සපුරා ඇත්නම් ඉඩම යෝජනා ක්‍රමයට ලියාපදිංචි කරනු ලැබේ. ව්‍යාප්ති නිලධාරියා පෞද්ගලිකව මූලික ඉඩම් සැකසීමේ කටයුතු සහ අදාළ බෝග වගාව පිළිබඳව උපදෙස් දෙනු ඇත.

ඉඩම් සකස් කිරීම අවසන් වූ පසු සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ ලියාපදිංචි තවානකින් නිකුත් කෙරේ. සිටුවීමෙන් මාස 3,12,18,24 කට පසු ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරි ඉඩමට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.

සේවාව සැපයීමට ගතවන කාලය:

අයදුම්පත ලැබීමෙන් පසු දින 2 සිට මාස 3 දක්වා

වගකිවයුතු නිලධාරීන්:

ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී (ළඟම ඇති සේවා මධ්‍යස්ථානය පදනම්ව) අදාළ දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ.

අයදුම්පත බාගත කරගන්න