මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය මාතලේ

සම්බන්ධතා තොරතුරු

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාතලේ. 21300.
Tel: +94 66 222 2822, +94 66 223 1249
Fax: +94 66 222 2822
Email: ears_matale@dea.gov.lk/, resesarchmatale@gmail.com

පර්යේෂණ මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්යභාරය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධ ප්‍රධානම පර්යේෂණ මධ්‍යස්ථානය වන්නේ මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයයි. අපනයන කෘෂි බෝග සහ ඒවායේ නිෂ්පාදන සැලකිල්ලට ගනිමින් ඒ මත පදනම්ව පර්යේෂණ වැඩසටහන් මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදුකරනු ලැබේ. එහි දී ශෂ්‍ය විද්‍යාව, කීට විද්‍යාව, ශාක අභිජනනය, ශාක ව්‍යාධිවේදය, ශාක කායකර්මය, පසු අස්වනු තාක්ෂණ සහ පාංශු විද්‍යා ආදි විවිධ අංශ ඔස්සේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබේ.

මෙම ආයතනයේ පිහිටා ඇති අක්කර 172 ක් පමණ වු භූමිය ප්‍රධාන වශයෙන්ම පර්යේෂණාගාර සංකීර්ණ, ගොවිපළ ගොඩනැගිලි, නිල නිවාස, පර්යේෂණ ක්ෂේත්‍ර, අදාළ අපනයන කෘෂිබෝගයන්හි ජනක ප්ලාස්මය එකතුව ආදියෙන් සමන්විත වේ. මීට අමතරව පර්යේෂණ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ අව්‍යශතාවය අනුව පැළ තවාන් පවත්වාගෙන යනු ලැබේ.

රෝග කාරක පළිබෝධ සහ රෝග හඳුනා ගැනිම, නව ප්‍රභේද වර්ධනය කිරිම, පොහොර නිර්දේශ කිරිම, දියුණු ශෂ්‍ය විද්‍යා පුරුදු සහ අගය එකතු කළ නිෂ්පාදන වර්ධනය කිරිම ආදි ක්‍රියාකාරකම් සඳහා අංශ 7ක රසායනාගාර පර්යේෂණ සිදුකරනු ලැබේ. තවදුරටත් ගොවියන්, ශිෂ්‍යයන් හා ව්‍යවසායකයින්හට දැනුම ලබා දීම පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ලබයි.

ආයතනයේ අංශ

  • පර්යේෂණ අංශය
    • ශෂ්‍ය විද්‍යා අංශය
    • කීට විද්‍යා අංශය
    • ප්‍රවේණි සහ ශාක අභිජනනය
    • ශක ව්‍යාධිවේද අංශය
    • ශාක කායකර්ම සහ ශාක නිෂ්පාදන අංශය
    • පසු අස්වනු තාක්ෂණික අංශය
    • පාංශු විද්‍යා සහ ශාක පෝෂණ අංශය
  • ඒකක
    • ජාතික කුළුබඩු උද්‍යානය
    • පර්යේෂණ ගොවිපළ සහ පැළ තවාන
    • ශාක ආරක්ෂණ අංශය
    • පුස්තකාලය
    • බෝග කෞතුකාගාරය සහ බීජ උද්‍යානය
    • පාංශු තාක්ෂණික උද්‍යානය සහ රෝපණ ගෘහ
    • අධ්‍යක්ෂක කාර්යාලය
    • ගොවිපළ සහ ගබඩාව
    • කෘෂි කාළගුණ නිරික්ෂණාගාරය
    • වැඩපොළ සහ යන්ත්‍රෝපකරණ ඒකකය

එක් එක් අංශය යටතේ සිදුකරමින් පවතින පර්යේෂණ කාර්යයන්

  • ශෂ්‍ය විද්‍යා අංශය
  1. මාතලේ මුල් ඈඳුණු කොකෝවා වගාවෙහි ක්ෂේත්‍ර ක්‍රියාකාරිත්වය ඇගයීම
  2. මාතලේ අපනයන කෘෂිබෝගයන්හි ගෙවතු වගා ආදර්ශකය
  3. ශ්‍රී ලංකාවේ විවිධ කෘෂි දේශගුණික කලාපයන්හි ගම්මිරිස් වගාව සඳහා විවිධ ජල සම්පාදන තාක්ෂනික ක්‍රම ඇගයීමට ලක් කිරිම
  4. ශාක පුහුණු කිරිමේ ක්‍රමවේදය ස්වභාවික සෙවණ තත්වයන් යටතේ ඇරබිකා කෝපි වගාවේ වර්ධනය සහ අස්වැන්න කෙරෙහි බලපාන්නා වු ආකාරය ඇගයීම
  5. මාතලේ වැඩිදියුණු කරන ලද කොකෝවා වගාව නැවත ස්ථාපනය කිරිම
  6. ක්ෂුද්‍ර ජල සම්පාදනය යටතේ කොකෝවා වගාවේ වර්ධනය සහ අස්වැන්න අධ්‍යනය කිරිම
  7. කෝපි වගාව සඳහා නිර්දේශිත බඳුන් මාධ්‍යක් ලෙස කොහුබත් ආදේශකයක් ලෙස යොදා ගැනිමට ඇති හැකියාව ඇගයීමට ලක් කිරිම
  8. අපනයන කෘෂි බෝගයන්හි ඵලදායීතාවය කෙරෙහි දැඩි අයහපත් දේශගුනික තත්වයන් බලපාන ආකාරය
  9. ආධාරක ගස හැසිරවීම මඟින් අස්වැන්න ඉහළ නංවා ගැනිම සඳහා ගම්මිරිස් වගාවේ (Piper nigrum L.) සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරිම
  10. ගම්මිරිස් වගාවේ වියන් ආකරණය වර්ධනය කෙරෙහි විවිධ අතු කැබලි හට ගත් රෝපණ ද්‍රව්‍යන්ගේ බලපෑම
  11. ග්‍රාහකයේ වයස සහ බද්ධ කිරිමට යොදා ගන්නා අනුජය සාදික්කා වල approach බද්ධය කෙරෙහි ඇති කරන බලපෑම
  12. ශ්‍රී ලංකාවේ මාතලේ සහ නිල්ලඹ ප්‍රදේශයන්හි අළුතින් හඳුන්වා දෙන ලද ගම්මිිිිිරිස් ප්‍රභේදයන් වන ඩිංගිරාළ සහ එම්. බී. 12 නම් වු දේශීය වරණයේ මල් සහ ඵල හට ගන්නා ආකාරය අධ්‍යනය කිරිම
  13. පුවක් (Areca catechu), ගම්මිරිස් (Piper nigrum L.) වගාවන්හි අස්වනු හට ගැනිම කෙරෙහි ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමයන්හි බලපෑම
  14. ඉඟුරු (Zingiber officinale Roscoe) ශාකයේ වර්ධනය සහ අස්වැන්න නෙරෙහි විවිධ අස්වනු නෙලීමේ කාලයෙහි බලපෑම
  • කීට විද්‍ය අංශය
  1. කෝපි ගෙඩි ගුල්ලා පාලනය සඳහා Beaureria brassiana භාවිතය
  2. නව දෙමුහුන් ගම්මිරිස් ප්‍රභේද කෘමි සතුන්ගෙන් සිදුවන හානි වලට ඔරොත්තු දෙන ආකාරය ඇගයීමට ලක් කිරිම
  3. කෝපි ගෙඩි ගුල්ලා සඳහා ජෛව පාලන කාරකයන් යොදා ගැනිමට ඇති හැකියාව විමර්ශනයට ලක්කිරිම
  4. පැළ මැක්කාට (Sciothrips cardamom Ramk)) එරෙහිව කරඳමුංගු වනගත ප්‍රභේද අධ්‍යනය
  5. කෝපි ගෙඩි ගුල්ලා සඳහා උගුලක් නිර්මාණය කිරිම
  6. කෘමි සතුන්ගෙන් සිදුවන හානියට එරෙහිව නව දෙමුහුන් ගම්මිරිස් ප්‍රභේද භාවිතා කිරිමට ඇති හැකියාව ඇගයීමට ලක් කිරිම
  • ප්‍රවේණි සහ ශාක අභිජනන අංශය
  1. අස්වැන්න, ගුණාත්මය සහ ප්‍රධාන පළිබෝධකයන්ට සහ රෝග සඳහා දක්වන ප්‍රතිරෝධය ආදිය සම්බන්ධව ඇරබිකා කෝපි ආබද්ධයන් පිලිබඳව ඇගයීම
  2. මැහෝගනි (කිරිඇල්ල) වගාව යටතේ අඩු උන්නතාංශයකදි හොඳ අස්වැන්නක් ලබාදෙන කරඳමුංගු පෙල පිළිබඳව ඇගයීම
  3. වෙනස් කොකෝවා පෙල විවිධ දේශගුනික කලාපයන්ට (මාතලේ, බඩල්කුඹුර) අනුගතවන ආකාරය ඇගයීමට ලක් කිරිම
  4. සාදික්කා ශාකයෙහි අනුක ජෛව වද්‍යත්මකව ස්ත්‍රි පුරුෂ භාවය නිර්ණය කිරිම
  5. කරඳමුංගු ආබද්ධයන්ගේ finger printing
  6. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව සඳහා භූගෝලීය සීමාවන් නිර්ණය කිරිම
  7. ශ්‍රී ලංකාවේ කෝපි වගාව සඳහා භූගෝලීය සීමාවන් නිර්ණය කිරිම
  8. දේශීය ගම්මිරිස් වරණයන්ගේ ස්වාස්ථිත ඇගයීම
  9. තිබෙන්නාවු කොකෝවා පෙල (Theobroma cacao L.) විස්තර කිරිම සහ ක්ලෝන උද්‍යානයක් ස්ථාපනය කිරිම
  10. ජල සම්පාදනය යටතේ පහළ උන්නතාංශයක් ඇති ප්‍රදේශවල  වැවෙන කරඳමුංගු  ප්‍රභේදයන්හි  ක්ෂේත්‍ර ඇගයීම
  11. ශ්‍රී ලංකාවේ ඇති ගම්මිරිස් ප්‍රභේද එකතු කිරිම, ලක්ෂණ හඳුනා ගැනිම, සංරක්ෂණය හා පරිභෝජනය.
  12. ගොරකා (Garcinia quesita pierre and Garcinea Zeylarica Roxb) පිළිබඳව ගවේෂණය කිරිම. ගොරකා වල ඇති රසායනික ගුණ අනුව ආබද්ධයන් සහ ක්ෂේත්‍ර ජාන බැංකුවක් ස්ථාපනය කිරිම.
  13. ගම්මිරිස් වල (Pepper nigrum L) ප්‍රමාණාත්මක ලක්ෂණ සඳහා  QTL (quantitative Trait Loci) අණුක සලකුනුකරණය නිශ්චය කිරිම.
  14. ගම්මිරිස් අතු කැබලි කොහුබත් මාධ්‍යයේ සිටුවා ගැනීමේ දී ප්‍රභේද වෙනස්කම් හඳුනා ගැනිම
  • ශාක ව්‍යාධිවේදී අංශය
  1. නෙමටෝඩාවන්
    • ගම්මිරිස් (Pipper nigrum L ) වගාවට හට ගන්නා සෙමෙන් මැලවීම රෝගයේ දෘශ්‍යමාන දර්ශකයන් පැහැදිලි කිරිම සහ ගම්මිරිස් සෙමෙන් මැලවීම රෝගය කෙරෙහි විවිධ මර්ධන ක්‍රම මඟින් ඇති වන්නා වු බලපෑම විමර්ශනය කිරිම
  2. ජෛව පාලන කාරකයක් වන Trichoderma spp​ භාවිතයෙන් talc base formulation සකස් කිරිම
  3. Rhizosphere antagonistic microflora වැඩි දියුණු කිරීම මඟින් ගම්මිරිස් වගාවේ හට ගන්නා ක්ෂණික මැලවීම රෝගය පාලනය කිරිම
  4. ඉඟුරු (Zingiber officinale Roscoe) වගාවේ පවතින ප්‍රධාන රෝග සඳහා සමෝධානිත රෝග කළමනාකරන පැකේජයක් වර්ධනය කොට ක්‍රියාවට නැංවීම
  • ශාක කායකර්මය සහ ශාක නිෂ්පාදනය
  1. ශ්‍රී ලංකාවේ ඇති විවිධ ගොරකා වරණයන් එකතු කිරිම සහ වර්ධනය, අස්වැන්න, රසායනික ගුණ ආදිය විමර්ශනයට ලක් කිරිම
  2. උණ බම්බුතුල වේගවත් ගුණන පද්ධතිය මඟින් අග්‍රස්ථ, හරස් සහ මුල් අඳින ලද කැබලි වලින් සකස් කර ගන්නා ලද ගම්මිරිස් වල වර්ධනය සහ අස්වැන්න සංසන්දනය කිරිම
  3. පටක බද්ධ කිරිම මඟින් රෝපිත ශාක සහ තනි ගැට වැල් කැබලි මඟින් සාදා ගත් ගම්මිරිස් (Pipper nigrum L) වැල් අතර වර්ධනය සහ අස්වැන්න සංසන්දනය කිරිම
  4. අපනයන කෘෂිබෝගයන්හි කෘත්‍රීම ප්‍රචාරනය (ගොරකා, වල්ලාපට්ටා සහ ගම්මිරිස් (දෙමුහුන්))
  5. කරාබු ශාකයෙහි මල් හට ගැනිම ප්‍රේරණය කිරිම සඳහා ශාක වර්ධක යාමක (Plant Growth Regulators – PGR) යෙදීම
  6. ඉහළ අස්වනු සහිත හොඳින් මේරු සාදික්කා ශාක වලින් ලබාගත් බීජ පැළ සහ විවිධ ප්‍රමාණයේ පාර්ශවීය සහ සෘජු අතු වලින් ලබාගත් ගුටි ක්‍රමයට ලබාගත් පැල ක්ෂේත්‍ර ඇගයීමට ලක් කිරිම
  7. දේශගුණික වෙනස්වීම් තත්වය යටතේ බද්ධ කරන ලද සාදික්කා වගාවේ මල් සහ පැළ හට ගැනිම සම්මුහුර්තකරණය.
  • පසු අස්වනු තාක්ෂණ අංශය
  1. ඇරබිකා සහ රොබස්ටා කෝපි වරණයන්හි කැෆේන් අන්තර්ගතය නිර්ණය කිරිම
  2. කුරුඳු මූලික පිරිසැකසුම්කරණ ක්‍රියාවලියේ සිදුවන බරපතල හානි හඳුනා ගැනිම සහ හානිදායක දූහනය අවම කර ගනිමින් කුරුඳු මූලික පිරිසැකසුම්කරණ ක්‍රියාවලියේ ගුණාත්මක බව ඉහළ නැංවීම
  3. කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනයන්හි ඖෂධිය අගය පිළිබඳව විමර්ශනය කිරිම
  4. කෝමාරිකා වගා කිරිම, විවිධ වගා දර්ශ එකතු කිරිම සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරිම
  5. කුරුඳු අඩංගු සීනි රහිත විස්කෝතු නිෂ්පාදනය කිරිම සහ එහි ගුණාත්මක ලක්ෂණ ඇගයීමට ලක් කිරිම
  6. ශ්‍රී ලංකාවේ සාදික්කා වල රසායනික සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ නිර්ණය කිරිම
  7. ශ්‍රී ලංකාවේ කහවල රසායනික සංඝටක ප්‍රතිඔක්සිකාරක ගුණ නිර්ණය කිරිම
  8. කුඩා පරිමාණ කෝපි රෝස්ටරයක් සංවර්ධනය කිරිම
  9. සාදික්කා පැලීම සඳහා සුදුසු උපකරණයක් නිර්මාණය කිරිම
  10. ශ්‍රීලංකාවේ වෙළඳපොළෙහි විකිණිමට ඇති කහ කුඩුවල භෞතික රසායනික ගුණ විශ්ලේෂණ කිරිම
  • පාංශු විද්‍යාව සහ ශාක පෝෂණ අංශය
  1. ගම්මිරිස් ශාකයෙහි වර්ධනය සහ අස්වැන්න කෙරෙහි නයිට්‍රජන් මූලාශයන්හි ඇති බලපෑම විමර්ශනයට ලක් කිරිම
  2. කාබනික ඇරබිකා කෝපි වගාව සඳහා උපාය මාර්ග
  3. පාංශු ලක්ෂණ වර්ධනය සහ ගම්මිරිස් ශාකවල වර්ධනය සහ අස්වැන්න කෙරෙහි ආවරණ භෝගයන්හි බලපෑම
  4. යහපත් කළමනාකරණ පිළිවෙත් ඇතුළත් කොට සමෝධානිත පාංශු සහ ශාක පෝෂණ කළමනාකරණ ක්‍රමවේදයක් තුළින් කොකෝවා වගාවේ ඵලදායිතා සංවර්ධනය
  5. කොකෝවා වගා බිම් සංවර්ධනය කිරීම සඳහා ජෛව ආරක්ෂිත කොකෝවා ගෙඩිය පොත්ත යොදා ගනිමින් පාංශ සකසනයක් නිර්මාණය කිරීම
  6. ගම්මිරිස් කොළ කහ පැහැ ගන්වන arbuscular mycorrhizal ආසාදනය විවිධ පාංශු තෙතමන මට්ටම් යටතේ බලපාන ආකාරය ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව සඳහා භූමි යෝග්‍යතාවය පිළිබඳ වර්ගීකරණය සංවර්ධනය කිරීම
  7. ගෘහස්ථ පරිභෝජනය සඳහා සහ වාණිජමය අරමුණු සඳහා ඉඟුරු / කහ බඳුන් තුල වගා කිරීම සඳහා තිරසාර ක්‍රම පිළිබඳ අධ්‍යනය කිරීම
  8. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාවන්හි තිරසාර බෝග නිෂ්පාදනය සඳහා ගම්මිරිස් දඬු ප්‍රතිචක්‍රීකරණය කිරීම
  9. ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුල නව ගම්මිරිස් දෙමුහුන් ප්‍රභේදයක් වන “ඩිංගිරාල”, අකාබනික පොහොර කෙරෙහි දක්වන ප්‍රතිචාරයත් සහ පළිබෝධ සහ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අධ්‍යයනය කිරීම

පර්යේෂණ ස්ථානය විසින් සපයනු ලබන සේවාවන්

මෙම අංශයේ විභවයන් පුළුල් කිරීම සඳහා කුළුබඩු සහ ඒ ආශ්‍රිත භෝග පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකිරීම

1. පුහුණු කිරීම් – පහත සඳහන් කර ඇති විවිධ පාර්ශ්වකාර කණ්ඩායම්වලට පුහුණු අවස්ථා ලබා දීම

  • විශ්ව විද්‍යාල සිසුන් (ආයතනික පුහුණුව සහ උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ ව්‍යාපෘති)
  • කාර්මික විද්‍යාලවල සිසුන්
  • කෘෂිකාර්මික විද්‍යාලවල සිසුන්
  • පාසල් සිසුන්
  • නිෂ්පාදකයින් – අගය එකතු කළ නිෂ්පාදන සහ පසු අස්වනු තාක්ෂණය පිළිබඳ පුහුණුව
  • ගොවීන්
  • රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා න්‍යෂ්ටික ද්‍රව්‍ය සැපයීම
  • නව ප්‍රභේද නිකුත් කිරීම
  • ඉල්ලුම මත රෝපණ ද්‍රව්‍ය තොග වශයෙන් නිෂ්පාදනය කිරීම

2. බෝග කෞතුකාගාරය
ජනක ප්ලාසමය සංරක්ෂණය
3. බීජ උද්‍යාන
4. Bud wood තවාන්
5. අපනයන කෘෂි භෝග ආශ්‍රිත ප්‍රකාශන සඳහා සම්බන්ධ වීම
6. තාක්ෂණික ප්‍රකාශන
7. උපදේශන වැඩසටහන්
• ක්ෂේත්‍ර පරීක්ෂණ
• වගාවන් පිළිබඳ උපදේශනාත්මක වැඩසටහන්