ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය

සම්බන්ධතා තොරතුරු

ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය, පලොල්පිටිය, තිහගොඩ, 81280.
දුරකථන: +94 41 2245407, +94 41 5673931
ෆැක්ස්: +94 41 2245407
විද්‍යුත් තැපැල්: ncrtcmatara@gmail.com

හැඳින්වීම

ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය (අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන) ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව ඇති එකම පර්යේෂණ ස්ථානය වන අතර කුරුඳු කර්මාන්තයේ යහපත උදෙසා කුරුඳු වගා කිරීම සහ පිරිසැකසුම්කරණය සම්බන්ධ සියලු අංශයන් හි පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ ව්‍යවස්ථාපිත වගකීම් දරන එකම ආයතන වේ.

අපගේ දැක්ම: “කුරුඳු කර්මාන්තයේ විශිෂ්ටත්ව උදෙසා උසස් තත්ත්වයේ විද්‍යාත්මක තාක්ෂණයන් සැපයීම”

අපගේ මෙහෙවර: “වැඩි විදේශ විනිමයක් ඉපැයීමත් කුරුඳු ක්ෂේත්‍රෙය් නිරත සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික හා සමාජ ප්‍රමිතීන් තිරසාරව සංවර්ධනයත් පෙරදැරි කර ගනිමින් පරිසරය සුරැකෙන අයුරින් කුරුඳු භෝගයේ ගුණාත්මක ප්‍රවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය වන්නා වූ  පර්යේෂණ, සංවර්ධන හා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

ආයතනයේ අංශ

  • ශෂ්‍ය විද්‍යා සහ බෝග වැඩි දියුණු කිරීම
  • පාංශු හා ශාක පෝෂණය
  • ශාක ආරක්ෂණය
  • පසු අස්වනු තාක්ෂණය
  • එක් එක් අංශයන් යටතේ සිදුකරනු ලබන පර්යේෂණ

ශෂ්‍ය විද්‍යා සහ බෝග වැඩිදියුණු කිරීමේ අංශය

  • ශෂ්‍ය විද්‍යාව හා බෝග වැඩිදියුණු කිරීමේ අංශය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය සහ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉල්ලුම ඉටු කිරීම සඳහා යහපත් ශෂ්‍ය විද්‍යා පිළිවෙත් හඳුන්වාදීම සහ උසස්ම තත්වයේ ආබද්ධ / වරණ රෝපණ ද්‍රව්‍ය සංවර්ධනය කිරීම ඉලක්ක කොටගෙන කටයුතු කරනු ලබයි.
  • කුරුඳු වගාවන්හි ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා, තවාන් කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සහ බීජ හා වර්ධක ප්‍රචාරණ මගින් හොඳ තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම.
  • ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් පාංශු ඛාදනය හා ඉඩම් හායනය වැළැක්වීම සඳහා යහපත් ශෂ්‍ය විද්‍යාත්මක පිළිවෙත් වැඩි දියුණු කිරීම.
  • සැබෑ කුරුඳු වල ජනක ප්ලාස්මය එකතු කිරීම, සංරක්ෂණය කිරීම සහ ඇගයීම
  • කුරුඳු සඳහා විකල්ප තවාන් බඳුන් භාවිතා කිරීමට ඇති හැකියාව අධ්‍යනය කිරීම
  • තවාන් බඳුන් සඳහා පෝෂක යෙදීමේ සැලසුම් පිළිබඳ අධ්‍යනය කිරීම
  • නිෂ්පාදනයේ ගුණාත්මකභාවය හා ප්‍රමාණය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි පොතු පටක වල වැලි වයනය සෑදීම වැනි කායික ආබාධ පිලිබන්දව අධ්‍යනය
  • කුරුඳු සමග වගාකළ හැකි අන්තර් වගා පද්ධති පිළිබඳ අධ්‍යනය කිරීම.

පාංශු හා ශාක පෝෂණ අංශය

  • පසේ පවතින සාරවත් බව ඉහල දැමීම සහ පොහොර සඳහා වන පිරිවැය අඩු කිරීම සඳහා අකාබනික හා කාබනික පොහොර භාවිතා කරමින් කුරුඳු වගාව සඳහා ඒකාබද්ධ පෝෂක කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කිරීම.
  • තෙත් කලාපයේ කුරුඳු වගාව සඳහා භූමි නිශ්චිත පොහොර නිර්දේශ නිකුත් කිරීම සඳහා පරිශීලක හිතකාමී පද්ධතියක් සංවර්ධනය කිරීම.
  • ජෛව පටල – ජෛව පොහොර සහ ජෛව – කාබනික ද්‍රව්‍යයන් භාවිතා කරමින් අඩු වියදම් සහ ඵලෝත්පාදක පැළ තවාන් සඳහා බඳුන් මාධ්‍ය මිශ්‍රණයක් සකස් කිරීමේ ක්‍රම වැඩි දියුණු කිරීම
  • විවිධ ආවරණ බෝග හඳුන්වා දීම මඟින් පසෙහි සාරවත් බව ඉහළ නැංවීම සහ කුරුඳු ඵලදායිතාවය හා සම්බන්ධ පසෙහි සාරවත්බව ඉහල නැංවීම
  • පසෙහි සිදු කරන වෙනස්කම් තුලින් පාංශු පෝෂණය ඉහල නැංවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම
  • අඩු ඵලදායිතාවයක් ඇති කිරීමට හේතුවන පස් හා සම්බන්ධ විශාල සහ සුළු ප්‍රමාණයේ හේතූන් හඳුනා ගැනීම සහ ඒවාට විසදුම් සෙවීම
  • ප්‍රධාන සහ සුළු පාංශු පෝෂක ඌණතා නිරීක්ෂණය කිරීම සඳහා කුරුඳු (Cinnamomum zeylanicum Blume) වල ඇතිවිය හැකි දෘශ්‍ය දර්ශකයන් හඳුනා ගැනීම

ශාක ආරක්ෂණ අංශය

  • කුරුඳු වගාවට බලපාන්නාවු ප්‍රධාන පළිබෝධකයින් (පෘෂ්ඨවංශිකයින්, අපෘෂ්ඨවංශිකයින්) රෝග සහ වල් පැලෑටි ඔවුන්ගේ ජීව විද්‍යාව, ජෛවාර්තික විද්‍යාව, අස්වනු අඩුවීම සහ කළමණාකරනය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම
  • කෘෂි රසායන ද්‍රව්‍යය අවම වශයෙන් භාවිතා කර පළිබෝධ කළමණාකරණය පිළිබඳව පර්යේෂණ සිදු කිරීම.
  • බෝග සෞඛ්‍යය මත පදනම් වු පළිබෝධ කළමනාකරනය පිළිබඳව පර්යේෂණ සිදු කිරීම 
  • පසු අස්වනු පළිබෝධ කළමණාකරණය සඳහා පර්යේෂණ සිදු කිරීම
  • කුරුඳු පරිසර පද්ධති තුල පාංශු අපෘෂ්ඨවංශික ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පර්යේෂණ සිදු කිරීම.
  • ෆෙරෝමෝන  සහ එදිරි ක්ෂුද්‍රජීවීන් භාවිතයෙන් පළිබෝධ කළමණාකරනය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම
  • කුරුඳු පළිබෝධ කළමණාකරණයේදී සාකල්‍ය සහ භූමි නිෂ්චිත (precision Agriculture)  ප්‍රවේශයක් අනුගමනය කිරීම
  • ප්‍රතිරෝධයක් දක්වන්නාවු ප්‍රභේද හඳුනා ගැනීම සඳහා ජනක ප්ලාස්මය අධ්‍යනය කිරීම
  • කුරුඳු වගාවේ දැකිය හැකි ප්‍රධාන දිලීර රෝග වලට අදාල අධ්‍යයනයන්  පොත්ත රළුවීමේ රෝගය සහ සුදු මුල් රෝගය
  • කුරුඳු වගාවේ දැකිය හැකි ප්‍රධාන පළිබෝධකයන්ට අදාල අධ්‍යයනයන් – කුරුඳු පැළ මැක්කා සහ කඳ විදින සලබයා
  • කුරුඳු වගාවේ කඳ පිළිකා ඇතිවීම පිළිබඳ  අධ්‍යනය කිරීම

පසු අස්වනු තාක්ෂණික අංශය

  • පොතු සහ තෙල් අස්වැන්න ඉහල නංවා ගැනීම සඳහා අස්වනු නෙලීමේ ක්‍රම හඳුනා ගැනීම
  • කුරුඳු පිරිසැකසුම්කරණයේ ගුණාත්මක බව හා සනීපාරක්ෂක තත්ත්වය ඉහල නැංවීම
  • පසු අස්වනු පරිහරණය සහ ගබඩා කාලය ඉහළ නැංවීම
  • කුරුඳු අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වාදීම
  • පසු අස්වනු පළිබෝධ පාලනය
  • කුරුඳු බෝගයේ ඖෂධීය ගුණ පිළිබඳ පරීක්ෂණය කිරීම
  • කුරුඳු ඇසුරුම්කරණය පිළිබඳව අධ්‍යයනය කිරීම
  • විවිධ කෘෂි පාරිසරික කලාපයන්හි සත්‍ය කුරුඳු බෝගයන්හි ගුණාත්මක හා ප්‍රමාණාත්මක විචලනය අධ්‍යනයනය කිරීම
  • මුලික පිරිසැකසුම්කරණයෙන් අනතුරුව අගයදාමයේ මට්ටම් තුනකින් කුරුඳු කූරු (cinnamon quills) වල ගුණාත්මකබව අධ්‍යයනය කිරීම
  • යාන්ත්‍රක අස්වනු නෙලීම මඟින් කුරුදු බෝගයට ඇතිවන බලපෑම පිළිබඳ ශක්‍යතා අධ්‍යනය
  • තෝරාගත් ආබද්ධ කුරුඳුවල පොතුවල අඩංගු ඔලියොරෙසින්  භාවිතයෙන් හඳුන්වාදෙන අයිස්ක්‍රීම් වර්ගයක දළ සහ පෝෂණීය විශ්ලේෂණය

කුරුඳු පුහුණු මධ්‍යස්ථානය පිළිබඳව කෙටි විස්තරයක්

ජාතික කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානය යටතේ 2012 වර්ෂයේ මෙම ආයතනය පිහිටු වන ලදී. මෙම ආයතනය කුරුඳු කර්මාන්තයේ උග්‍ර ගැටළුවක් වන කුරුඳු තලන්නන් හිඟය පියවා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් කුරුඳු පිරිසැකසුම්කරණය සහ වගාව පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීමේ  අරමුණින් මෙම ආයතනය පිහිටුවන ලදි.       

මේවන විට ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විසින් පහත දක්වා ඇති පුහුණු පාඨමාලා පවත්වනු ලබයි.

  මූලික පුහුණු වැඩසටහන් පාඨමාලා කාලය
TUC1 යහපත් නිෂ්පාදන පුරුදු යටතේ කුරුඳු පිරිසැකසුම්කරණය (GMP) දින 05
TUC1 යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සමඟින් කුරුදු වගා භූමි කළමණාකරනය (GAP) දින 02
TUC3 කුරුඳු කර්මාන්තය පිළිබඳව මුලික දැනුවත් කිරීමේ වැඩසටහන දින 01
අවශ්‍යතාවය අනුව පවත්වන්නාවු පුහුණු වැඩසටහන්
TUD1 කුරුඳු පැළ තවාන් කළමණාකරණය සහ බීජ ගබඩාකරණය දින 01
TUD2 යහ කෘෂිකාර්මික පුරුදු (GAP) අනුගමනය කරමින් කාබනික කුරුදු නිෂ්පාදනය දින 01
TUD3 කුරුඳු වගාවේ දැකිය හැකි පළිබෝධ සහ රෝග කළමණාකරනය දින 01
TUD4 කුරුඳු වගාවේ පස සහ පෝෂණ කළමණාකරණය දින 01
TUD5 කුරුඳු අගය එකතු කිරීම සහ අලෙවිකරණය දින 01
TUD6 කුරුඳු ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන දින 01
TUD7 කුඩා පරිමාණ කුරුඳු වගාවන් කළමණාකරණය පිළිබඳ මුලික දැණුවත් කිරීමේ වැඩසටහන දින 01

ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙන් සැපයෙන සේවාවන්

  • ගුණාත්මක කුරුඳු බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
  • කුරුඳු ගොවීන්ගේ ක්ෂේත්‍ර ගැටළු විසඳීම සඳහා උපදේශන සේවා සැපයීම
  • පාංශු විශ්ලේෂණය, තෙල් ප්‍රමාණය සහ තෙල් වල ගුණාත්මකභාවය විශ්ලේෂණ සඳහා විශේෂ ගාස්තු සහිත සේවා සැපයීම
  • කුරුඳු වල සියලුම අංශ සඳහා පුහුණු වැඩසටහන්, ප්‍රදර්ශන පවත්වන අතර උපදේශාත්මක සේවා සපයනු ලැබේ.
  • කුරුඳු සඳහා භූමි විශේෂ නිර්දේශ ලබා දීම
  • පළිබෝධ සහ රෝග ආසාදනය වූ ක්ෂේත්‍ර සඳහා ගොස් ඔවුන්ගේ ගැටළු විසඳීම
  • කුරුඳු පැළ තවාන් පරීක්ෂා කිරීම
  • කුරුඳු කර්මාන්තය සඳහා නව පසු අස්වනු තාක්ෂණය හඳුන්වා දීම
  • කුරුඳු ගොවීන් හා ව්‍යාප්තිකරුවන් විසින් සෘජුවම වාර්තා කරනු ලබන කුරුඳු ඉඩම්වල පස හා පාංශු සාරවත්බව පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සහ ඒවාට පිළියම් ලබා දීම
  • ගොවීන්, වගාකරුවන්, සිසුන්, රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් සහ නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් උපදවා ගන්නා ලද තාක්ෂණය ව්‍යාප්ත කිරීම
  • කෙටිකාලීන සහ දිගු කාලීන උපාධි අපේක්ෂක පර්යේෂණ ව්‍යපාති භාර ගැනිම තුළින් විශ්ව විද්‍යාල අතර ද්විර්ශ්වික පර්යේෂණ සම්බ්න්ධතා ඇති කිරිම
  • සාම්ප්‍රදායික කුරුඳු වගා නොකරන ලද ප්‍රදේශයන්හි කුරුඳු වගා කිරිම සඳහා භූමියේ යෝග්‍යතාවය පිළිබඳව විමර්ශනය කිරීම
  • බෝග සහතිකකරණය සඳහා නිර්දේශ කිරීම්වලට සහය ලබා දිම
  • තම උපාධි හෝ ඩ්ප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කිරිම සඳහා උපාධි අපේක්ෂක සිසුන් පශ්චාත් උපාධි අපේක්ෂකයන් සහ ඩිප්ලෝමාධාරීන් සඳහා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම