මිද්දෙණිය අපනයන කෘෂිකර්ම බෝග උද්‍යානය

හැඳින්වීම

මිද්දෙණිය අපනයන කෘෂිකාර්මික බෝග උයන පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළය. මෙම උයන පවත්වාගෙන යනු ලබන්නේ අපනයන කෘෂිකාර්මික බෝග , කුරුඳු, ගම්මිරිස්, පැඟිරි , සේර සහ පුවක් වග වියළි කළාපීය ආදර්ශනයක් ලෙසය. ඉහත බෝගවල සාම්ප්‍රදායික සහ වැඩි දියුණු කරන ලද ප්‍රභේද වර්ධක ප්‍රචාරණය කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පැළ තවානක් මෙම උද්‍යානයේ පවත්වාගෙන යනු ලැබේ. මෙම උද්‍යානය පර්යේෂණවල සහ පරීක්ෂණවල ක්ෂේත්‍ර අත්හදා බැලීම් සඳහා ඉඩකඩ සපයයි. එය ගමිමිරිස් පිරිසැකසුම් මධ්‍යස්ථානයක්  ලෙසද  ක්‍රියාකරයි.

තෘණ එකතුව

සිලෝන් හා ජාවා පැගිරි එකතුව සේර සහ සැවැන්දරා  එකතුව සහ වගා ආදර්ශවල වපසරිය අක්කර 2.5 පමණ වේ.

කුරුඳු වගාව

නිදර්ශන කුරුඳු වගාව සහ පලොල්පිටිය ජාතික කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් කර ගෙන යනු  ලබන පර්යේෂණවල පර්යේෂණ කට්ටි (Research Blocks)

ගම්මිරිස් වගාව

නිදර්ශන ගමිමිරිස් වගාව , ගම්මිරිස් ප්‍රභේද එකතුව හා මාතලේ පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් කර ගෙන යනු ලබන විශේෂවල පර්යේෂණ කට්ටි

පුවක් වගා කරනු ලැබ ඇති ප්‍රදේශය අක්කර 0.5 කි.

තවාන් හා මවු ශාක උද්‍යානය

මෙම තවානේ ප්‍රධාන වශයෙන් වර්ධක ප්‍රචාරණය කරනු ලබන්නේ කුරුඳු, ගම්මිරිස් හා පුවක් ය. දිස්ත්‍රික්කයේ ඉල්ලුමට සරිලන පරිදි වැඩි දියුණු කළ ප්‍රභේද මෙන්ම සාම්ප්‍රදායික ප්‍රභේද ද වර්ධක ප්‍රචාරණය කරනු ලැබේ. ප්‍රචාරක ද්‍රව්‍ය සපයනු ලබන්නේ හොඳින් නඩත්තු කරනු ලබන මව් ශාක උද්‍යානයෙන්ය.

රක්ෂිත වන ප්‍රදේශය සහ කුළුබඩු උයන අක්කර 4.5 ක වපසරියෙන් යුක්ත වේ.

මධ්‍යස්ථානයෙන් සැපයෙන සේවාවන්

  • නව ප්‍රභේද ද ඇතුළත්ව කුරුඳු , ගම්මිරිස් සහ පුවක් වල රෝපණ ද්‍රව්‍ය සැපයීම
  • කුරුඳු , ගමිමිරිස් , පැඟිරි සහ සේර වගාවන් පිලිබඳ පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබදව රෝපණ පිළිවෙත් පිළිබඳ
  • කාබනික පොහොර නිෂ්පාදනය තවාන් සහ මව් ශාඛ උද්‍යාන නඩත්තුව පිලිබඳ තාක්ෂණික උපදෙස් සහ ආදර්ශන ලබා දීම
  • පර්යේෂණ සහ පරීක්ෂණවල ක්ෂේත්‍ර අත්හදා බැලීම්  පැවැත්විම
  • ‌ගොවීන්ට කුරුඳු පිරිසැකසුම් සහසුකම් ලබා දීම

උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ප්‍රායෝගික පුහ‍ුණුව ලබා දීම