අඩු ඵලදායී අපනයන කෘෂි භෝග ඉඩම්වල ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා සහාය ලබා ගැනීම

අයදුම් කළ හැක්කේ කාටද:

කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබු, සාදික්කා වගා කරන ගොවීන් හෝ වතු, එනේම අඩු ඵලදායී ඉඩම් ඇති හෝ එම ඉඩම්වල 25% කට වඩා වැඩියෙන් පාළු සිටුවීමට ඇති වගාකරුවන්

යෝජනා ක්‍රමය යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සහාය:

  • භූමියේ ඇති භෝග පුරප්පාඩු මත පදනම්ව රෝපණ ද්‍රව්‍ය සඳහා වැයවන මුදලින් 50% ක්
  • තාක්ෂණික උපදෙස්

සුදුසුකම් නිර්ණායක:

අවම සුදුසුකම් සහිත භූමි ප්‍රමාණය – (1/4 අක්කර)
ඉඩමේ නීත්‍යාණුකූල හිමිකාරිත්වය පිළිබඳ ලේඛණ තිබිය යුතුය. හෙක්ටයාර 2 ට වැඩි ඉඩම් සඳහා ඉඩම් සැලැස්ම අවශ්‍ය වේ.

අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය:

බදාදා දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා ළඟම ඇති ගොවි ජන සේවා මධ්‍යස්ථානවල සිටින ව්‍යාප්ති නිලධාරි හමුවීමෙන්
කාර්යාල දිනවල උදේ 8.30 සිට ප.ව 4.15 දක්වා සහකාර අධ්‍යක්ෂ කාර්යාලය වෙතින්

අයදුම්පත මෙතැනින් භාගත කරගන්න.

සේවා ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:

අයදුම් කරන අවස්ථාවේ මුද්දර ගාස්තු වශයෙන් රු.10.00

සේවාව සපයන්නේ කෙසේද:

ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී විසින් අයදුම්කරුවන්ගේ ඉඩම් පෞද්ගලිකව පරීක්ෂා කරනු ලබන අතර සුදුසුකම් ලැබීමේ නිර්ණායක සපුරා ඇත්නම් ඉඩම යෝජනා ක්‍රමය සමඟ ලියාපදිංචි කරනු ලැබේ. නිර්දේශිත වගා පිළිවෙත් සම්පූර්ණ කිරීමෙන් පසු නොමිලේ පැලෑටි සහ මූල්‍යමය පහසුකම් ලබා දෙනු ලැබේ. තවද පොහොර අවශ්‍යතාවයක් පවතී නම් ලබාදෙන මූල්‍ය පහසුකම් ඒ සඳහා යොදා ගත හැක.

සේවාව සැපයීමට ගතවන කාලය:

අයදුම්කිරීමෙන් මාස 2-6 කට පසුව

වගකිවයුතු නිලධාරීන්:

දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී

සබඳතා තොරතුරු:

ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්
අධ්‍යක්ෂ ජනරාල්

ඵලදායීතාවය ඉහළ නැංවිම සඳහා ඉල්ලුම් පත්‍රය

ක්ෂුද්‍ර ජල සම්පාදන ඒකක සඳහා ඉල්ලුම් පත්‍රය

පලිබෝධ පාලන ඒකක ඉල්ලුම් පත්‍රය